කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ


ලෝක ළමා දිනය නිමිත්තෙන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ අනුග්‍රාහකත්වයෙන් පිටිගල හත්තක අනුර විද්‍යාලය සංවිධානය කරනු ලැබූ විශේෂ ලෝක ළමා දින සැමරුමක් විද්‍යාලයාධිපති යටදොළවත්තේ මහින්ද හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්තශාලා සමූහයේ සභාපති හා විධායක අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටිගල හත්තක අනුර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණ. 

එහිදී එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් ඉදිරිපත් කළ නැටුමෙන් ගැයුමෙන් මේ ළමා දින සැමරුම් උත්සවය වර්ණවත් විය. මේ අවස්ථාවට සහභාගි වූ සිසු සිසුවියන්ට, ගුරුවරුන්ට හා මවුපියන් දෙදහසකට ආසන්න පිරිසකට පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවෙන් සැපයීම විශේෂයෙන්ම කැපී පෙනුණි. 

ලෝක ළමා දිනය නිමිත්තෙන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව මේ සද්කාර්යය සෑම වසරකම සිදු කරනු ලබයි. ලෝක ළමා දින සැමරුම් උළෙලට එක්වූ පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති හා විධායක අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතා සහභාගි වූ සිසු සිසුවියන්ට පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහය පිරිනමන අයුරු ඡායාරූපවලින් දැක්වේ. විද්‍යාලයාධිපති යටදොළවත්තේ මහින්ද හිමියෝ ද මෙහි වෙති.