IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දින දෙකක් එකම හෝරාවක දර්ශකය වාර්තාගත ස්ථානයකට

කොටස් වෙළෙඳපොළ ඊයේ (ජුලි 16) උදෑසන දහය පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,028 දක්වා කැඳවන ලද අතර එය එයට කලින් දිනයේ එනම් අගහරුවාදා උදෑසන සියලු කොටස් මිල වාර්තාගත තැනකට පැමිණීම හා සමාන තත්වයක් බව සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් මෙම උපරිම අගය අඛණ්ඩව රඳවා තබාගැනීමට දින දෙක තුළම නොහැකිවීම විශේෂයෙන් දැක්විය යුතුව තිබේ. මේ අතර ඊයේ වෙළෙඳපොළ තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර එය තැරැව්කාර සමාගම් ඔස්සේ කරන ඇනවුම් අක්‍රීයවීමේ තාක්ෂණික ප්‍රශ්නයක් බව පසුව නිවේදනය කෙරිණ. එය වෙළෙඳපොළ තරකාරීත්වයට එපමණ බලපෑමක් කළේ නැත.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,884.96 ක් දක්වා පහල වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 61.31 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,668.12 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 32.42ක අඩුවීමක් සේ  වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 17.0 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 51,005 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 300.7 ක් විය. සමාගම් 126 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 119 කි.  විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 310.3ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 246.6 කි. දින ගණනාවකට පසු විදේශ වෙළෙඳාමෙන් රටට වාසියක් ලැබී තිබේ.
සෙලාන් බැංකුව රුපියල් මිලියන පනහක ණයකරයක් නිකුත් කොට ඇත. මෑත බාගයේ නිකුත් කරන ලද ණයකර සඳහා අධි ඉල්ලුමක් වාර්තා කරන ලද අතර රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා ද ඉහළ ඉල්ලුමක් තිබුණි. බැංකු ස්ථාවර තැන්පත්වලට වඩා මෙවැනි ආයෝජන කෙරෙහි නැඹුරුවක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 514ක්,  සම්පත් බැංකුව රුපියල් මිලියන 326,  ජෝන් කීල්ස් රුපියල් මිලියන 307ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 274 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 243 ක්,  හැටන් නැෂනල් බැංකුව නිශ් ඡන්ද රුපියල් මිලියන 231ක්,  ඊස්ට් වෙස්ට් රුපියල් මිලියන 200ක්,  ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක



අදහස් (0)

දින දෙකක් එකම හෝරාවක දර්ශකය වාර්තාගත ස්ථානයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site