IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඈන්ට්වර්ප්-බෲගස් වරාය අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කෙරේ

 

  • ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිත පිරිසක් ඈන්ට්වර්ප්-බෲගස් වරායේ උසස් සහයෝගීතා අධ්‍යයන චාරිකාවක

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිත පිරිසක් පසුගියදා බෙල්ජියමේ ඈන්ට්වර්ප්-බෲගස් ජාත්‍යන්තර වරායේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ-ඉංජිනේරු ගණක හේමචන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් යුත් එම නියෝජිත පිරිස එහිදී විශේෂ සාකච්ඡා සහ නිරීක්ෂණ චාරිකා රැසකට එක්වූහ. දෙරට වරායන් අතර සහයෝගීතා ප්‍රවර්ධන වැඩසටහන්වල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම හමුව පැවැත්විණි.

 බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කෙරුණු මෙම අධ්‍යයන සංචාරයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිත පිරිස සහ ඈන්ට්වර්ප්-බෲගස් වරායෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාත්‍යන්තර සබඳතා සහ ජාල පිළිබඳ උප සභාපති ලූක් ආර්නවුට්ස් මහතා ඇතුළු ඈන්ට්වර්ප්/ෆ්ලැන්ඩර්ස් වරාය පුහුණු මධ්‍යස්ථානයේ (APEC) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡා ද සිදු කෙරිණි. දැනුම් සහ තාක්ෂණික හුවමාරු, ආයෝජන අවස්ථා, සැපයුම් සම්බන්ධීකරණය, හරිත මුලපිරීම්, ඩිජිටල් නවෝත්පාදන සහ තිරසරභාවය වැනි ශක්‍යතා ක්ෂේත්‍ර ගණනාවක් ඊට ඇතුළත් විය.

පසුගිය වසරේ සිට පැවති සාකච්ඡා මාලාවකට අනුව, මෙහෙයුම් සහයෝගීතාව, නවෝත්පාදන සහ තිරසර සංවර්ධනය මූලික කරගත් උපාය මාර්ගික අවබෝධතා ගිවිසුම (MoU) විධිමත් කිරීම එහි ප්‍රධාන අරමුණයි.

මෙම අධ්‍යයන සංචාරයට ෂෙල්ඩ්ට් ගඟේ වම් ඉවුරේ පිහිටි ඩීපී වර්ල්ඩ්  (Dpworld) ඈන්ට්වර්ප් ගේට්වේ පර්යන්තය වෙත විශේෂ අධ්‍යයන චාරිකාවක් ද ඇතුළත් විය. ඩීපී වර්ල්ඩ් ඈන්ට්වර්ප් සමාගම මෙහෙයවන මෙම පර්යන්තයෙහි ඉතා ප්‍රශස්ත මෙහෙයුම් ක්‍රියාවලියක් සිදු කෙරේ. ස්වයංක්‍රීය වරාය මෙහෙයුම්, උසස් තාක්ෂණ භාවිතය සහ අන්තර් මාදිලි සබඳතා වැනි විශේෂ ක්‍රමවේද රැසක් ඊට ඇතුළත්ය. එහි පර්යන්ත ක්‍රියාන්විතය සහ මෙහෙයුම් කටයුතු නවීන වරායක ඉහළ ඵලදායීතාව සහ නවෝත්පාදනය පිළිබඳ ප්‍රායෝගික හැදෑරීමකි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිත පිරිස හයිඩ්‍රජන් සහ ඇමෝනියා මගින් බලගැන්වෙන තාක්ෂණය ඔස්සේ, සමුද්‍ර හා කාර්මික යෙදුම් කාබන්ඩයොක්සයිඩ්කරණය උදෙසා වෙන් වූ CMB.TECH හයිඩ්‍රජන් ඉන්ධන පිරවුම්හල් නැරඹීමට ද සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ වරාය පද්ධතිය තුළ අනාගත සංවර්ධනය මෙන්ම, තිරසර වරාය මෙහෙයුම් සහ ඩිජිටල් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශක්‍යතා ද එහිදී අධ්‍යයනයට ලක් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කොළඹ වරායෙන් ඔබ්බට, ගාල්ල, ත්‍රිකුණාමලය ඇතුළු අනෙකුත් ප්‍රධාන වරායන්හි නවීකරණ සහ සංවර්ධන ව්‍යාපෘති සිදු කරයි. විශේෂයෙන් ගාලු‍ වරාය, මගී නැව් සඳහා පහසුකම් සලසන සහ විනෝදාත්මක සමුද්‍රීය ක්‍රියාකාරකම් උදෙසා සුවිශේෂී වරායක් ලෙස සංවර්ධනය කෙරේ. ස්වාභාවික ගැඹුර සහ ආරක්ෂිත ජල තටාකයකින් යුත් ත්‍රිකුණාමල වරාය, තොග භාණ්ඩ මෙහෙයුම් සහ බලශක්ති ආශ්‍රිත සැපයුම් සඳහා විශේෂ වරායක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ඒ ආශ්‍රිත ප්‍රදේශ ඊට අදාළ ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති උදෙසා සංවර්ධනය කෙරේ. 

සමුද්‍රීක වෙළෙඳ මෙහෙයුම්හි විචල්‍යයන්, විකාශන හා නියාමන අවශ්‍යතා, ශීඝ්‍ර ඩිජිටල් පරිවර්තන සහ අභියෝගාත්මක පාරිසරික සාධක වැනි කරුණු ද ඊට ඇතුළත් විය. එහිදී නවීන වෙළෙඳ වරායන්හි ක්‍රියාත්මක සංකීර්ණ පරිසර පද්ධති පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානයට ලක් විය. වරාය ක්ෂේත්‍රයේ අභියෝග, ඵලදායීව විසඳීම උදෙසා පුද්ගල නවෝත්පාදන මතු නොව, උපාය මාර්ගික හවුල්කාරි සහයෝගීත්වය සහ දැනුම් පාදක ප්‍රවේශයන්හි වැදගත්කම එහිදී අවධාරණය කෙරිණි. 

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ, ඉංජිනේරු ගනක හේමචන්ද්‍ර මහතා, කොළඹ වරාය සහ කලාපීය වරායන්ට ඈන්ට්වර්ප්-බෲගස් වරායේ පර්යන්ත මෙහෙයුම්, ඩිජිටල් පරිවර්තන, හරිත මුලපිරීම් සහ තිරසර ක්‍රියාන්විත පිළිබඳ අධ්‍යයන අවස්ථා රැසක් පවතින බව අවධාරණය කළේය. කොළඹ සහ කලාපීය වරායන්හි සැපයුම් දාමය ශක්තිමත් කිරීමට එවැනි සහයෝගීතා මනා පිටුවහලක් බව ඔහු අවධාරණය කළේය. 

ඈන්ට්වර්ප්-බෲගස් වරායේ ඉන්දියානු උප මහාද්වීප සහකාර කළමනාකරු සහ කලාපීය ප්‍රධානී අචිල් සොබ්‍රි, එහි පුහුණු විධායක සහ ප්‍රධාන ගිණුම් කළමනාකරු ඉන්දියානු උප මහාද්වීපය සඳහා පුහුණු විධායක සහ ප්‍රධාන ගිණුම් කළමනාකරු කෙන් හවුට්වෙල්ට්ස්, ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (විදුලි) එච්.බී.ඒ. සුභාෂිණී, බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ අමාත්‍ය තවිෂ්‍යා මුල්ලේගම්ගොඩ සහ ඈන්ට්වර්ප් හි ශ්‍රී ලංකා කොන්සල් ගරු මොනික් ඩි ඩෙකර්-ඩප්‍රෙස් යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවලට එක් වූහ.



අදහස් (0)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඈන්ට්වර්ප්-බෲගස් වරාය අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site