IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


‘‘LOLC රන් සවි’’ රන් ණය ගනුදෙනුකරුවන්ට ipay සමග Quick Topup පහසුකම හඳුන්වා දෙයි

LOLC ෆිනෑන්ස් පීඑල්සී රන් ණය ප්‍රධානී නිශාන්ත ජයසේකර

LOLC ෆිනෑන්ස්, රන් සවි රන් ණය පහසුකම සඳහා හඳුන්වාදුන් නවතම වැඩිදියුණු කිරීම සමගින් මෙරට ඩිජිටල් පරිවර්තනයේ තවදුරටත් පෙරමුණ ගෙන සිටී. රන් සවි රන් ණය පහසුකම iPay යෙදුම හරහා ක්ෂණිකව ඉහළ නැංවීමේ පහසුකමෙන් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ රන් ණය ඩිජිටල් අන්දමින් කළමනාකරණය සඳහා සරල, ආරක්ෂිත සහ පහසු ක්‍රමයක් සපයයි. 
මෙම සුවිශේෂී පහසුකම සමඟින්, LOLC ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්ට දැන් ඔවුන්ගේ රන් ණය ‘ටොප්-අප්’ කිරීම, පොලිය ගෙවීම,ශේෂයන් පරීක්ෂා කර ගැනීම සිය නිවසේ සුවපහසුව විඳිමින්ම සිදුකරගත හැකිවේ. එමගින් එම සේවාව ලබාගැනීම සඳහා ශාඛාවකට යාම අවශ්‍ය නොවන අතර, රන් ණය සඳහා වෙන කවරදාකටත් වඩා පුළුල් ප්‍රවේශයක් සලසයි. 
මෙම නව විශේෂාංගය මගින් රන් ණය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ණය පහසුකම මුළුමනින්ම ඔන්ලයින් ක්‍රමයට කළමනාකරණය කිරීමේ විප්ලවීය වෙනසකට ඉඩ සලසයි. ණය පොලී ගෙවීමේ සිට අරමුදල් හුවමාරු කිරීම සහ ගනුදෙනු වල තත්වය පරීක්ෂා කිරීම දක්වා, සියලු‍ අවශ්‍යතා ‘ක්ලික්’ කිරීම් කිහිපයකින් ඔවුන්ට සිදුකරගත හැකිවේ. ඩිජිටල් ආකාරයෙන් ණයක් ‘ටොප්-අප්’ කිරීමේ හැකියාව මඟින් ගනුදෙනුකරුවන්ට අතිරේක අරමුදල් සඳහා ඉක්මනින් සහ පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව නිසා ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවල වැඩි පාලනයක් අත්කර ගත හැකිවේ. iPay සමඟ දැනටමත් සම්බන්ධ වී සිටින ගනුදෙනුකරුවන්ට රන් ණය සඳහා අයදුම් කළ හැකි අතර, මෙම විශේෂාංග යෙදුම හරහා ප්‍රවේශ වී සමස්ත ක්‍රියාවලියම කරදරයකින් තොරව සියයට 100ක් ඩිජිටල් ලෙස සිදුකර ගත හැකිවේ. නව ගනුදෙනුකරුවන්ටද iPay ඩිජිටල් වේදිකාව සමඟ සම්බන්ධ වී මෙම පරිවර්තනයේ කොටස්කරුවන් වීමට දිරිගන්වනු ලැබේ.
මුළුමනින්ම ඒකාබද්ධ වූ සහ බාධාවලින් තොරව ඩිජිටල් අත්දැකීමක් ලබා දීමෙන්, LOLC ෆිනෑන්ස් පාරිභෝගික පහසුව වැඩි දියුණු කරනවා පමණක් නොව, මූල්‍ය ඇතුළත් කිරීම ද ශක්තිමත් කරයි. මේ පිළිබඳ අදහස් දැක්වූ LOLC ෆිනෑන්ස් රන් ණය ප්‍රධානී නිශාන්ත ජයසේකර මහතා මෙසේ පැවසීය, “මෙම නව්‍ය ඩිජිටල් විසඳුම මඟින් විශේෂයෙන් වාණිජ කේන්ද්‍ර වෙත කඩිනම් ප්‍රවේශයක් නොමැති ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඇතුළු අපේ ගනුදෙනුකරුවන්ගේ ඇඟිලි තුඩු අතරට මූල්‍ය සේවා රැගෙන යාම අපේ අරමුණයි. මූල්‍ය ගනුදෙනු ඩිජිටල් ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව තුලින් හදිසි අවස්ථාවලදී අත්‍යවශ්‍ය අරමුදල් වෙත ප්‍රවේශ වීමට හැකිවන අතරම ඔබේ කාලය සහ මුදල්ද ඉතිරිවේ. ඊට අමතරව, මෙම පහසුකම මගින් ගේ දොරකඩටම මාර්ගගත සේවා සැපයීමෙන් මූල්‍ය ඇතුළත් කිරීම ඉහළ නැංවීමටද සහාය වේ. එය පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබලගැන්වීමේ මූලික පියවරක්ද වේ. මෙම ක්‍රියාවලිය පුරාම, අපගේ ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂමව සහ බාධාවකින් තොරව අපේ ඩිජිටල් දැක්ම හා එක්වීමට මඟ පෙන්වයි.”
LOLC ෆිනෑන්ස්හි මෙම ඩිජිටල් රන් ණය සේවාව ගනුදෙනුකරුවන්ට තම රන් ණය කාර්යක්ෂමව සහ වඩාත් නම්‍යශීලීව කළමනාකරණය කිරීමට හැකියාව ලබාදීම නිසා විශේෂයෙන් කැපී පෙනේ. බොහෝ විට ශාඛාව වෙත යාමට සිදුවන මුදල් භාවිතය අවශ්‍ය වන සාම්ප්‍රදායික රන් ණය ක්‍රියාවලි මෙන් නොව, සඡ්හ වේදිකාව ඔස්සේ සම්බන්ධතාවකින් තොර ආරක්ෂිත විකල්පයක් ලබාදේ. මේ නිසා ගනුදෙනුකරුවන්ට තවදුරටත් මුදල් රැගෙන යාමේ හෝ දිගු පෝලිම්වල රැඳී සිටීමේ අවදානමට මුහුණ දීම අවශ්‍ය නොවේ. iPay වේදිකාවට පැය 24 පුරා දින හතේම ප්‍රවේශය සමඟින්, ගනුදෙනුකරුවන්ට සියලුම ගනුදෙනු කොතැනක සිට හෝ ඕනෑම වේලාවක සම්පූර්ණ කළ හැකි අතර, ඔබේ මූල්‍ය සහාය අතේ දුරින් පවතින බව සහතික කරයි.
ඩිජිටල් රන් ණය ටොප්-අප් විශේෂාංගයේ කැපී පෙනෙන වාසියක් වන්නේ ණය ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමයි. LOLCෆිනෑන්ස්හිදී, සෑම ගනුදෙනුකරුවකුගේම රත්‍රන් උපරිම සැලකිල්ලෙන් සහ නිරවද්‍යතාවෙන් තක්සේරු කරන අතර, ඔවුන්ගේ රන් භාණ්ඩ ඇපකරයේ නිශ්චිත වටිනාකමට සරිලන මුදලක් ලැබීම සහතික කෙරේ. මෙම ඉහළ මට්ටමේ විනිවිදභාවය, විශ්වාසය ගොඩනඟන අතර ගනුදෙනුකරුවන්ට තමන්ගේ රත්‍රන් ආරක්ෂිත බවට මනසේ සැනසිල්ලක් ඇතිකරයි. මීට අමතරව, ඕනෑම තාක්ෂණික ගැටළුවකදී LOLC ෆිනෑන්ස් හි කැපවීමෙන් යුත් පාරිභෝගික සේවාව (0115 880 400) අමතන ලෙස දැනුම්දෙනු ලැබේ. ගනුදෙනුකරුවන්ට සහාය වීමට සහ නිසි ගනුදෙනු සහතික කරලීමට LOLC ෆිනෑන්ස් පැය විසිහතර පුරා සැදී පැහැදී සිටී.
රන් සවි රන් ණය ටොප්-අප් පහසුකම දියත් කිරීම, රට මුදල් භාවිතයෙන් තොර ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීමේ ප්‍රයත්නයට සහාය වීම සඳහා වූ LOLC ෆිනෑන්ස් හි අඛණ්ඩ කැපවීමේ කොටසකි. සමාගම සිය පුළුල් ඩිජිටල් පරිවර්තන උපාය මාර්ගයට අනුකූලව, ඉතුරුම් ගිණුම් විවෘත කිරීමේ සිට රක්ෂණ හිමිකම් අයදුම් සැකසීම දක්වා එහි සමස්ත සේවා පෙළ ඩිජිටල්කරණය සඳහා සක්‍රියව කටයුතු කරමින් සිටී. සිය ගනුදෙනු වලින් මුදල් ඉවත් කිරීමෙන් සහ ගනුදෙනුකරුවන්ට ඩිජිටල් විකල්ප ලබා දීමෙන්, LOLC ෆිනෑන්ස් මුදල් සංසරණය අඩු කිරීමට සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සමස්ත කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහාය වෙයි.
අනාගතය දෙස නෙත් යොමුකරමින් LOLC ෆිනෑන්ස් සිය ඩිජිටල් සේවා වැඩිදියුණු කිරීමට සහ තම ගනුදෙනුකරුවන් උදෙසා වඩාත් පහසු, පරිශීලක-හිතකාමී විසඳුම් නිර්මාණය කිරීමට අඛණ්ඩව මංපෙත් සොයමින් සිටී. රන් සවි රන් ණය ටොප්-අප් පහසුකමේ සාර්ථකත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් විප්ලවය අඛණ්ඩව නව්‍යකරණය තුලින් ඉදිරියට ගෙනයාමට සමාගම සූදානමින් සිටී.“පරිපූර්ණ ඩිජිටල් මූල්‍ය පරිසරයක් කරා අපගේ ගමන ආරම්භවූවා පමණි. අප ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණයට අවශ්‍ය මෙවලම් ලබා දීමට අපි උනන්දුවෙන් පසුවෙමු.” LOLC ෆිනෑන්ස් රන් ණය ප්‍රධානී නිශාන්ත ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

‘‘LOLC රන් සවි’’ රන් ණය ගනුදෙනුකරුවන්ට ipay සමග Quick Topup පහසුකම හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site