IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනාගත පරපුරේ වෘත්තීය අපේක්ෂාවන් බලගන්වන ‘Sysco LABS Academy’ ඇරැඹේ

Sysco LABS  ක්‍රියාවට නංවන තවත් සුවිශේෂ වැඩසටහනක් වන  ‘Sysco LABS Academy’පසුගියදා ආරම්භ විය. මෙහි අරමුණ වන්නේ තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා සහ යථාර්ථය මෙන්ම නූතන වෘත්තීය ජීවිතයක මූලිකාංග සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමය. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම වැඩසටහනේ නියමු අදියර බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. 
එහිදී Sysco LABS හි ප්‍රවීණයන් කණ්ඩායමක් විසින් අනාගතයේදී තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවලට පිවිසීම සඳහා සිසුන් දිරිගැන්වීමේ අරමුණින් විශේෂ වැඩමුළු, නායකත්ව සැසි සහ පුහුණු වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවන ලදී. 
මෙම නියමු අදියරේදී සිසුන්ගේ ආත්ම විශ්වාසය නැංවීම, අනාගත අභියෝග සඳහා ඔවුන් සූදානම් කරවීම සහ තමන් ඇතුළුවීමට බලාපොරොත්තු වන රැකියා ක්ෂේත්‍රය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිකරගැනීමට ඔවුන්ට මගපෙන්වීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. එමෙන්ම එහිදී නූතන රැකියා සඳහා අවශ්‍ය චින්තන රටාවල සහයෝගීත්ව ආකල්ප සහ ගැටලු විසඳීමේ හැකියාව සම්බන්ධයෙන්ද සිසුන් දැනුවත් කරන ලදී. නායකත්ව හැකියාව ඇතුළු විවිධ කුසලතා මෙන්ම සයිබර් ආරක්ෂාවල ඉංජිනේරු මූලිකාංග සහ තාක්ෂණික දැනුම ඇතුළුව, පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වර්ධනය කරගත යුතු විවිධ කුසලතා සම්බන්ධයෙන් සිසුන්ට පුළුල් මගපෙන්වීමක් ලබාදීමට Sysco LABS ප්‍රවීණ කණ්ඩායම මෙහිදී පියවර ගත්තේය.
 ‘‘අනාගතයේදී තාක්ෂණවේදීන් සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ නායකයන් බවට පත්වීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිසි දැනුම සහ මගපෙන්වීම ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා. අප Sysco LABS Academy වැඩසටහන ක්‍රියාවට නැංවූයේ IT/BPM  ක්ෂේත්‍රය ශක්තිමත් කරන දක්ෂයන් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙසයි. මෙම වැඩසටහන හරහා සිසුන් දිරිගන්වමින්, ඔවුන්ට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා දායක විය හැකි ආකාරය, සැබෑ ලෝකයේ පවතින ගැටලු විසඳිය හැකි ආකාරය සහ සමස්තයක් ලෙස ලංකාවේ නවෝත්පාදන ක්‍රියාවලියට දායක විය හැකි ආකාරය පෙන්වා දීමට අප බලාපොරොත්තු වනවා.” Sysco LABS හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මානව සම්පත් මෙහෙයුම්) රෙහාන් ඇන්තනිස් මහතා පැවසීය. 



අදහස් (0)

අනාගත පරපුරේ වෘත්තීය අපේක්ෂාවන් බලගන්වන ‘Sysco LABS Academy’ ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site