IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මේ දවස් වල බිස්නස් හොඳටම අඩු වෙලා - කිරිබත්ගොඩ විනුකි පලතුරු වෙළෙඳසලේ හිමිකරු සම්පත් නිශාන්ත

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශ වල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ගියේ කිරිබත්ගොඩ පලතුරු වෙළෙඳසලක් වූ විනුකි පලතුරු වෙළෙඳසල වෙතය. එහි හිමිකරු වූ සම්පත් නිශාන්ත මහතා මේ දිනවල වෙළඳාම පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මම අවුරුදු 19ක ඉඳන් කිරිබත්ගොඩ බිස්නස් කරන්නේ. මේ දවස්වල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් බින්දුවයි. බිස්නස් හොඳටම අඩු වෙලා තියෙන්නේ. පාරිභෝගිකයෝ එන්නෙම නැති තරම්.

බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව හරියටම කියන්න බෑ. අපේ වෙළෙඳසල්වල විතරක් නෙමෙයි දැන් පාරෙත් මිනිස්සු අඩුයි. සාමාන්‍යයෙන් හවස කාර්යාල වැඩ ඉවර වෙන වෙලාවට තමයි පාරිභෝගිකයෝ වැඩියෙන් එන්නේ. එහෙත් දැන් ඒකත් අඩුයි. 

පලතුරු විතරක් නෙමෙයි හැම වෙළෙඳාමකටම මේ දවස්වල බිසනස් අඩුයි. අපි පලතුරු ගේන්නේ ඇඹිලිපිටියෙන්. දුර ප්‍රමාණෙත් වැඩි නිසා ප්‍රවාහන ගාස්තු ලොකු මුදලක් යනවා. ඒ වගේම සේවක පඩි ගෙවන්න ඕන. කඩේ කුලිය මාසෙකට එක් ලක්ෂ විසිදාහක් ගෙවන්නත් ඕන. ඔය වියදම් ටික කරන්න තරම් හරි ආදායමක් දැන් ලැබෙනවා අඩුයි.

අවශ්‍ය වියදම් ටික කළාම ලාබයක් ගන්න බෑ. අනික පලතුරු නරක්වෙනවා, තැලිච්චා තියනවා. අපි සල්ලි දීලා ගත්තට නරක් වුණ පලතුරු පාරිභෝගිකයන්ට දෙන්න බෑනේ. එතකොට ඒකේ අලාබයත් අපිට දරා ගන්න වෙනවා. ඕක තමයි මේ දවස්වල බිස්නස්වල තත්වය. අපි පාඩු ද‌රාගෙන බිස්නස් කරන්නේ. බිස්නස් සරුබවක් නෑ.

ශෂිකා අබේරත්න


ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ දවස් වල බිස්නස් හොඳටම අඩු වෙලා - කිරිබත්ගොඩ විනුකි පලතුරු වෙළෙඳසලේ හිමිකරු සම්පත් නිශාන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site