IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බේරුවල - බෙන්තොට සංචාරක හෝටල් සංගමයට හිටපු නිල මඩුල්ලම ඉදිරි වසරටත්

 අලු‍ත්ගම තුසිත කුමාරද සිල්වා


බේරුවල - බෙන්තොට සංචාරක හෝටල් සංගමයේ නිලවරණය  බෙන්තොට ටාජ් සංචාරක හෝටලයේදී පැවැත්විණි.
එහිදී 2025-2026  වර්ෂ වෙනුවෙන් නව නිලධාරි මණ්ඩලයක්  තෝරාපත් කරගැනීම ආරම්භ වූ අතර නැවත වාරයක් හිටපු නිලධාරී මණ්ඩලයම ඉදිරි වසර වෙනුවෙන්ද පත් කර ගැනීම ඒකමතිකව සම්මත විය. ඒ අනුව සභාපති ඉන්දක ද සිල්වා (බාබේරියන් ආයුර්වේද හෝටලය) ලේකම් වශයෙන් ආචාර්ය හර්ෂ ජයසිංහ  භාණ්ඩාගාරික වශයෙන් මනෝ ගුණසේකර  යන මහත්වරු තේරී පත්වූහ. 
සභාපතිවරයා අදහස් දක්වමින් පැවසුවේ, බේරුවල -  බෙන්තොට  සංචාරක හෝටල්  සංගමය සංචාරක ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාමූහිකව කටයුතු කිරීමට සියලු‍  නිලධාරීන් හා සාමාජිකයන් එකඟතාවට පැමිණිඅතර  අනාගතයේ සංචාරක ඉලක්ක ජය ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇති බවයි.
බේරුවල බෙන්තොට සංචාරක  කලාපයේ තම හෝටල් සංගමය තරු තුනෙන් ඉහළ  සංචාරක හෝටල් 18 ක් නියෝජනය කරන අතර සංචාරක සමයේදී දිනකට මෙම සංචාරක හෝටල් 18 න්  ඍජුව දිනකට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ලක්ෂ දහය ඉක්මවන බවත් සෘජුව සහ වක්‍රව  සංචාරක  හෝටල් කර්මාන්තය වෙත සේවය සපයන  සංඛ්‍යාව  15,000 ඉක්මවන බව නව සභාපති ඉන්දක ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

බේරුවල - බෙන්තොට සංචාරක හෝටල් සංගමයට හිටපු නිල මඩුල්ලම ඉදිරි වසරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site