IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Alumex සමාගමට Aluminum Stewardship Initiative (ASI) සහතිකය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලු‍මිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASIකාර්ය  සාධන ප්‍රමිති සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලු‍මිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ එකම සහ දකුණු ආසියාවේ දෙවැනි සමාගම බවට Alumex PLC  පත් වේ.

මේ තුළින් ලොව පුරා ඇලු‍මිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ විශිෂ්ටත්වය, පාරිසරික, සමාජීය සහ පාලන ( ESG ) පිළිවෙත් අනුගමනය කරන ඇලු‍මිනියම් නිෂ්පාදකයන් අතරටAlumex PLC  ද එකතු වේ. මෙම සහතිකය ලැබූ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එකම ඇලු‍මිනියම් නිෂ්පාදන සමාගමAlumex PLC වීමද විශේෂත්වයකි. තවද ජුනි 11 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම සහතිකයAlumex PLC  වෙත ප්‍රදානය කර ඇති අතර එමගින්Alumex PLC  සමාගම ASI  සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ඇලු‍මිනියම් නිෂ්පාදන නිපැයුම්කරුවා බවට පත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි. 

වගකිවයුතු ඇලු‍මිනියම් සැපයුම් මූලාශ්‍ර, නිෂ්පාදනය සහ ජීවන චක්‍ර කළමනාකරණය  පෙන්නුම් කරන සමාගම්  ASI  කාර්ය සාධන ප්‍රමිතිය (ASI- Performance Standards ) මගින් හඳුනා ගනියි. අභ්‍යන්තර ප්‍රමිති නියාමනයක්, ASI  - සහතික කළ ආයතනයක් මගින් සිදු කරන ලද ස්වාධීන තෙවන පාර්ශවීය විගණනයක් සහ දැඩි  ESG නිර්ණායකවලට අනුකූලව ක්‍රියාත්මක කළ ඇගයීම් ක්‍රියාවලියකින් පසුවAlumex PLC වෙත මෙම සහතිකය ප්‍රදානය කරන ලදී.

මේ සම්බන්ධව අදහස් දක්වමින් Alumex PLC  හි කළමනාකර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘ ASI  සහතිකය හිමි කර ගැනීමAlumex PLC  වෙත මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයටද සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මෙම සහතිකරණය ලබාගැනීමෙන් වගකීම් සහගත සහ තිරසාර ඇලු‍මිනියම් නිෂ්පාදනය කෙරෙහි අපගේ ඇති කැපවීම නැවතත් තහවුරු කරන අතර ජාත්‍යන්තර තලයේ තරගකාරීත්වය වර්ධනය කිරීම සඳහා ඇලු‍මෙක්ස් ආයතනය ගෝලීය තිරසාරත්ව සම්මතයන්ට ඇති අනුකූලත්වය තහවුරු කරයි. 

පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය සහ වැඩිදියුණු කළ විශ්වසනීයත්වය සහ අවදානම් කළමනාකරණය ඇතුළු ප්‍රතිලාභ රැසක්  Aluminum Stewardship Initiative ( ASI )  කාර්ය සාධන ප්‍රමිති සහතිකය මගින් පිරිනමයි. එමඟින් ස්වාධීන ලෙස ESG කාර්ය සාධනය වලංගු කිරීම, කොටස්කරුවන් සහ පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සහ තිරසාරභාවය කේන්ද්‍ර කරගත් වෙළෙඳපොළ අවස්ථා විවෘත කිරීම සිදුකෙරේ. 



අදහස් (0)

Alumex සමාගමට Aluminum Stewardship Initiative (ASI) සහතිකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site