IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් අගනා බැංකොක් සංචාරයක් සහ RIU - Ahungalle හෝටලයේ සුව පහසු නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. 
එහිදී අලෙවි ඉලක්ක ඉහළින්ම සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන්ට බැංකොක් සංචාරයක නිරත වීමට සහ අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අනෙක් අලෙවි නියෝජිතයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට RIU - Ahungalle හෝටලයේ දෙදිනක් නිදහසෙන් සහ විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව ලැබිණි. 
මීට පෙරද බැංකොක් සංචාර මෙන්ම තරු පන්තියේ හෝටල් අත්දැකීම් සපයා ඇති ලෝටස් ටයර් සමාගම අඛණ්ඩව සිදු කරන මෙම දිරි ගැන්වීම් පිළිබඳව ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි විය. පසුගිය වසරේදී අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මෙම අගනා අවස්ථා හිමි විය. මෙම අවස්ථාවලට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ කළමනාකාරිත්වය මෙන්ම ලෝටස් ටයර් විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායමද සහභාගි වූහ. “ලෝටස් ටයර් සමාගම නිරන්තරයෙන් සිය විකුණුම් බලකාය අගය කරනවා. එම ඇගැයීමේ සැබෑ අරමුණ අප අතර තිබෙන සම්බන්ධතා තවත් ශක්තිමත් කිරීම ඔස්සේ පාරිභෝගිකයන්ට විශිෂ්ට නිෂ්පාදනයක් සැපැයීම බව.” ලෝටස් ටයර් ආයතනයේ වෙළෙඳ කළමනාකරු පැවසීය. 



අදහස් (0)

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site