ඉකුත් බදාදා (ජුලි 09) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී වර්ධනයක් සිදුවිය. අද ගනුදෙනු තරමක උනන්දුවකින් සිදුවිය හැකි නමුත් ආයෝජන අංශ ලබන සතියේ තත්වය ගැන සලකා බලන්නට ඉඩ තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ බදු තීන්දු ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ගැන උපකල්පනය කොට ඉක්මන් තීන්දු ගන්නා බවක් ද අද ගනුදෙනු කාලය තුළ අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් ආර්ථික තීන්දු හා ඒවායේ වාසි අවාසි වරින්වර වාර්තා වන නමුත් ඒවායේ බලපෑම මත තුලනාත්මක තත්ව අලුතින් නිර්මාණය වන බව ද සඳහන් කළ යුතුව තිබේ. එක පැත්තකින් අවාසි සිදුවන විට අනෙක් දොරටුවක් විවෘත වීමෙන් ආර්ථික වාසි අපේක්ෂා කළ හැකිවේ.
බදාදා ගනුදෙනු අවසන් වූ පසු වෙළෙඳපොළ දර්ශක ඉහළ ගියේය. තෝරාගත් සමාගම්වල කොටස් සඳහා විශේෂ මිල දී ගැනීමේ උන්නදුවක් තිබුණි. සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 129.37 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,358.64 ක් වශයෙන් අවසන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 36.89 ක වර්ධනයක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. මිලියන 5,983.20 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 36,227 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 176.6 ක් විය. සමාගම් 157 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 76 කි.
දිනයේ ආරම්භයේ සිට කොටස් මිල දර්ශක ඉහළට නැගීම විශේෂිතය. රිසියුස් එනර්ජි ණයකරයක් නිකුත් කර ඇත. සෙලාන් බැංකුව නිකුත් කළ ණයකරයට ප්‍රමාණවත් ඉල්ලුමක් ලැබී තිබුණි. විදේශ මිල දී ගැනීම් රු. මිලියන 71.5 ක් වන අතර විකිණීම් රු. මිලියන 155.9 කි. රටට සැලකිය යුතු අවාසියක් සිදු වී තිබේ.
සම්පත් බැංකුව රු. මිලියන 448 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 287 ක්, ඊස්ට් වෙස්ට් රු. මිලියන 398 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 348 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 204 ක්, ත්‍රී ඒකර් ෆාම් රු. මිලියන 198 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 187 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 180 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1934										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉදිරි සතියේ තරගකාරිත්වයට විශ්වාසයක්