IMG-LOGO

2025 TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිත සමුළුව සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි


ලු‍‍බ්‍රිකන්ට් සහ රථවාහන නඩත්තු නිෂ්පාදන සඳහා ලෝකයේ කීර්තිමත්ම සමාගමක් වන ජපානයේ (ටොටාචි) TOTACHI Industrial Pte. Ltd  සමාගම පසුගියදා සිය 2025 ගෝලීය බෙදාහරින්නන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවත්වීය. 

මෙම සුවිශේෂී අවස්ථාවට රටවල් 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් TOTACHI  සමාගමේ හවුල්කරුවන්, බෙදාහරීමේ නියේජිතයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ගණනාවක් සහභාගී වූ අතර, සමුළුව නව්‍යකරණය, සහයෝගීතාව සහ ගෝලීය ක්‍රමෝපාය මූලික කරගෙන දින හතරක් පුරා පැවත්විණි.

ඉතා ආකර්ෂණීය සමාරම්භක උත්සවයක් සමගින් ඇරඹුණු මෙම සමුළුව ජූනි මස 10 වැනි දින සිට 13 දක්වා, කොළඹ - සිනමන් ලයිෆ් හෝටලයේදී සහ හම්බන්තොට - ශැන්ග්‍රිලා හෝටලයේදී අදියර දෙකක් යටතේ පැවැත්වූ අතර පළමු අදියරේදී ව්‍යාපාරවලට සම්බන්ධ වැදගත් අදහස්, තාක්ෂණික දැනුම සහ අනාගත ව්‍යාපාර සැලසුම් ගැන සාකච්ඡා විය. දෙවැනි අදියරේදී සමූහ ක්‍රියාකාරකම්, වැඩමුළු සඳහා වැඩි ඉඩක් වෙන් විය.

සමුළුවේ න්‍යාය පත්‍රයට අනාගත දැක්ම ඉලක්ක කරගත් ප්‍රධාන දේශන, ජපන් මෝටර්රථ ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් සම්බන්ධ ගැඹුරු සාකච්ඡා, ගෝලීය වෙළෙඳපොළ තත්ව විශ්ලේෂණ, බෙදාහරින්නන් සවිබල ගැන්වීම සහ පාරිභෝගිකයන් කේන්ද්‍ර කරගත් විසඳුම් සැපයීම වැනි විවිධ අංග ගණනාවක් අඩංගු විය. එමෙන්ම සමුළුවට සහභාගී වූවන්ට විවිධ පාර්ශව සමඟ නව සබඳතා සහ සහයෝගීතා ඇති කරගැනීමටත්, පවතින සබඳතා වර්ධනය කරගැනීමටත් හැකියාව ලැබීම විශේෂත්වයකි.

සමුළුවේ වැදගත්ම අවස්ථාව වූයේ TOTACHI  සන්නාමය ගෝලීය වෙළඳපොළේ තවදුරටත් සවිමත් කිරීම ඉලක්ක කරගත් නව වැඩසටහන් දියත් කිරීමයි. මෙම නව වැඩටසහන් අතර තාක්ෂණික සහයෝගීතා පද්ධති දියුණු කිරීම, නව නිෂ්පාදන හඳුන්වාදීම සහ තරගකාරී වෙළඳපොළේ බෙදාහරින්නන්ගේ සාර්ථකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය සැලසුම් වැනි වැඩසටහන් සුවිශේෂී විය.

මෙම සමුළුව අතරතුර ශ්‍රී ලංකාවේ TOTACHI  සඳහා බලයලත් විශේෂ නියෝජිතයා වන ජී එස් ලු‍‍බ්‍රිකන්ට්ස් ලිමිටඩ් සමාගම විශිෂ්ටතම බෙදා හරින්නා සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වීමද විශේෂත්වයකි. මෙම සම්මානය G S Lubricants  සමාගම වෙත ප්‍රදානය කෙරුණේ ඔවුන් විසින් දක්වා තිබූ කැපවීම, ඉහළ වෙළඳපොළ කාර්යක්ෂමතාව විශිෂ්ට සන්නාම නියෝජනය සම්බන්ධයෙන් කෙරුණු ඇගයීමක් වශයෙනි. එමෙන්ම මෙම සම්මානය ගෝලීය ලුබ්රිකන්ට් ක්ෂේත්‍රය තුළ, රථවාහන නව්‍යකරණය සහ ව්‍යාපාර නායකත්වය අතින් ශ්‍රී ලංකාවටම කීර්තිමත් තැනක් අත්පත් කර දුන් අවස්ථාවක් වශයෙන් හැඳින්විය හැකිය.

2025 TOTACHI ගෝලීය බෙදාහරින්නන්ගේ සමුළුව සැබැවින්ම සමුළුවකින් ඔබ්බට ගිය, හවුල්කරුවන් සමඟ TOTACHI සමාගමට ඇති බැඳීමත් TOTACHI සමාගමේ විශිෂ්ටත්වයත් පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. 



අදහස් (0)

2025 TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිත සමුළුව සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 112 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site