IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙම වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12 පසු කරයි

  • ජ‌ූලි මාසයේ මුල් දින 08දී සංචාරකයෝ 48,300ක් මෙරටට
  • වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,216,344ක් 
  • දෛනිකව පැමිණ අති සංචාරකයන්ගේ සාමාන්‍යය 6,038 ක්

භානුක අමරසිංහ 


ජූලි මාසයේ 01 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළදී මෙරටට සංචාරකයන් 48,300 දෙනකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තා සඳහන් කරයි. 

ඒ අනුව මෙම සංචාරකයන්ද සමගින් වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,216,344ක් ලෙස සටහන්ව තිබේ. එහිදී ජනවාරි මාසයේ සංචාරකයන් 252,761ක්, පෙබරවාරි 240,217ක්, මාර්තු 229,298ක්, අප්‍රේල් 174,608ක්, මැයි 132,919ක් සහ ජූනි 138,241ක් ලෙස මෙම සංචාරක පැමිණීම් සටහන්ව තිබේ. 

කෙසේ වෙතත් 2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මුල් මාස හත තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වන 1,198,059 සැසඳීමේදී, මේ වසරේ මෙතෙක් පැමිණ ඇති සංචාරකයන්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් දැකගත හැකිය. 

මෙහිදී ජූලි මාසයේ ජූලි 01 සිට 07 දක්වා කාලය තුළ සංචාරකයන් 42,233 දෙනකු පැමිණ ඇති අතර, 08 වැනිදා 6,067 දෙනකු පැමිණ තිබේ. ඒ අනුව දින 08 තුළ දෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ සාමාන්‍යය 6,038 කි. 

ජූලි මාසයේ මුල් දින 08 තුළ වැඩිම සංචාරකයන් පැමිණි රටවල් 10 අතරින් වැඩිම සංඛ්‍යාව වන 10,153 පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එසේම එක්සත් රාජධානියෙන් 4,860ක්, ඔස්ට්‍රේලියාවෙන් 3,310ක් සහ චීනයෙන් 3,181ක් ලෙස සංචාරක පැමිණීම් වාර්තා වී ඇත. ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් පැමිණි සංචාරකයන් පිළිවෙළින් 2,335ක් සහ 2,153 කි. නෙදර්ලන්තයෙන් සංචාරකයන් 1,895ක්ද කැනඩාවෙන් 1,726ක්ද, බෙල්ජියමෙන් 1,424ක්ද, ස්විට්සර්ලන්තයෙන් 1,424ක් ලෙසද සංචාරක පැමිණීම් වාර්තා වී තිබේ. 

මේ අතර ජනවාරි 01 වැනිදා සිට ජූලි 08 දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් 1,216,344 ක සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණය වන 252,147 ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම රුසියාවෙන් 112,939ක්, එක්සත් රාජධානියෙන් 112,762ක්, ජර්මනියෙන් සහ චීනයෙන් පිළි‍වෙළින් 76,729ක් සහ 68,968ක් පැමිණ තිබේ. මේ අතර බංග්ලාදේශයෙන්ද මේ වසර තුළ සංචාරකයන් 33,999ක් මෙරටට පැමිණ තිබීමත් කැපී පෙනෙයි. 

 



අදහස් (0)

මෙම වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12 පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site