IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දැනට පවතින භාණ්ඩ ප්‍රවාහන නියාමන නීති එලෙසින්ම පවත්වා ගන්න - කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති

වර්තමානයේදී ක්‍රියාත්මක සියල්ල ඇතුළත් භාණ්ඩ ප්‍රවාහන නියාමනය එලෙසින්ම පවත්වා ගන්නා ලෙස කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති හරින් ද සිල්වා මහතා රජයෙන් ඉල්ලා සිටියි. 

එම නියාමනය අලු‍ත් කිරීම සඳහා රජය කටයුතු කරන බවට පවතින අදහසට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. 

වි‍ශේෂයෙන්ම ජාතික තරගකාරිත්වය සහ අපනයන අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා මෙම නියාමනය එලෙසින්ම පැවතිය යුතු බව ඔහුගේ අදහසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ 2013 වසරේදී මෙම නීතිය හඳුන්වා දී තිබේ. 

මෙහිදි අදාළ මෙම නියාමනය මගින් පර්යන්ත හැසිරවීමේ ගාස්තු (THC) ඇතුළුවසියලු‍ම භාණ්ඩ ප්‍රවාහන ගාස්තු, අපැහැදිලි බව සහ අත්තනෝමතික මිලකරණය ඉවත් කරමින්, තනි, සාකච්ඡා කරන ලද භාණ්ඩ ප්‍රවාහන අනුපාතයකට විනිවිද පෙනෙන ලෙස ඒකාබද්ධ කළ යුතු බව නියම කරන බවත් සභාපතිවරයා පවසයි. 

“මෙය ඉවත් කිරීම නිසා විනිවිදභාවයට තර්ජන එල්ල විය හැකියි. ඒ හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ තරගකාරීත්වයට ගැටලු‍ ඇති වෙන්න පුළුවන්. එකිනෙකට වෙනස් ගාස්තු හඳුන්වාදීමත් සමගින් ඇති වන අමතර පිරිවැය පාරිභෝගිකයන් වෙත පැටවෙන්න පුළුවන්.“ යනුවෙන්ද ඔහු වැඩිදුටරත් සඳහන් කර තිබේ. 



අදහස් (0)

දැනට පවතින භාණ්ඩ ප්‍රවාහන නියාමන නීති එලෙසින්ම පවත්වා ගන්න - කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site