IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්‌යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රහය


SLT-MOBITEL පාරිසරික සමතුලිතතාවේ පැවැත්ම උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන නීල කාබන් පරිසරයේ තිරසර පැවත්ම වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනකුට පර්යේෂණ ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය. මෙම ශිෂ්‍යා​වෝ කොළඹ, වයඹ සහ ඌව වෙල්ලස්ස යන විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබති. 

නීල කාබන් පරිසරය පද්ධති යනු පරිසරයේ පැවැත්මට අතිශයින් වැදගත් වන පරිසර පද්ධති එකතුවක් වන අතර, මෙම පර්යේෂණ මගින් එම පරිසර පද්ධති සම්බන්ධයෙන් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ. 

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන, විශ්ව විද්‍යාල නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවෘත වූවකි. මෙය විද්‍යාත්මක අධ්‍යයනවලට අර්ථවත් ලෙස දායක වෙමින් මෙරට නීල කාබන් පරිසර පද්ධති රැකගැනීම සඳහා වැදගත් වන සොයාගැනීම් සිදුකිරීමට තරුණ පර්යේෂකයන්ට ලැබෙන මහඟු‍ අවස්ථාවකි. එමෙන්ම මෙය පාරිසරික තිරසරත්වය වෙනුවෙන් SLT-MOBITELදක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන මෙහෙවරක් ලෙසද හැඳින්විය හැක. 

2024 වසරේදී තෝරාගනු ලැබූ මෙම ශිෂ්‍යත්වලාභීන්ට තම පර්යේෂණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් 250,000 ක් දක්වා මූල්‍යාධාර හිමි විය. මෙමගින් ශිෂ්‍යත්වලාභීන්ට තම පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික භාවිතාවන් ගවේෂණය කිරීමට, තිරසර ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමට සහ නව්‍ය පර්‌යේෂණවල යෙදීමට මෙන්ම තම විද්‍යාත්මක සොයාගැනීම් ප්‍රකාශයට පත් කිරීමටද හැකියාව ලැබේ. 

ශිෂ්‍යත්ව හිමි කරගත් ශිෂ්‍යාවෝ ජීව විද්‍යාව, පරිසර විද්‍යාව, පරිසර ප්‍රතිසංස්කරණය, සංරක්ෂණය සහ නීල කාබන් පරිසර පද්ධති වැනි විෂයන් ආශ්‍රිතව තම පර්යේෂණ සිදුකරති.



අදහස් (0)

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්‌යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site