IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


BYD අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි



ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන ඊශෘ සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වැනි ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය.

අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම ප්‍රදර්ශනාගාරය වේ. මෙම නවතම ප්‍රදර්ශනාගාරයක් සමගින් නැගෙනහිර කලාපයේ පාරිභෝගිකයන්ට දැන් BYD හි ඉලෙක්ට්‍රික් සහ plug-in hybrid වාහන මිලදී ගැනීමේ හැකියාව තව තවත් පහසු කරයි.

අම්පාරේ ජනතාවට මෙම ප්‍රදර්ශනාගාර‍යෙන් BYD හි අනෙක් ප්‍රදර්ශනාගාර හා සමාන උසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අතිනවීන පහසුකම් අත්විඳිය හැකියි. සන්රයිස් ඔටෝ සර්විස් සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම ප්‍රදර්ශනාගාරය ආරම්භයේදී ප්‍රදර්ශනාගාරයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති අතර පසුව පාරිභෝගිකයන්ට අමතර කොටස් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සැපයීම සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව මෙම ප්‍රදර්ශනාගාරය BYD SEALION 6, BYD ATTO 3, BYD SEAL සහ BYD DOLPHIN යන BYD මගී වාහනවලින් සමන්විත වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells CG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා ‍‍මෙ‍සේ පැවසුවේය. ‘‘මෙය අපගේ ව්‍යාපාරික වර්ධනයේ සුවිශේෂී අවස්ථාවක්. රටේ ප්‍රධාන කලාප පහක අපගේ ප්‍රදර්ශනාගාර ස්ථාපිත කිරීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. අම්පාරේ විවෘත කළ මෙම ප්‍රදර්ශනාගාරය ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට නව බලශක්ති වාහන තව තවත් සමීප කරවීමට අපට උපකාරී වනවා.’’  ”BYD සමඟ එක්ව ඔවුන්ගේ උසස් තාක්ෂණයෙන් යුතු වාහන මාදිලි නැගෙනහිරට රැගෙන ඒමට ලැබීම පිළිබඳව අපි සතුටු වන අතර පාරිභෝගිකයන් වෙනුවෙන් විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට අප සූදානම්.’’ යනුවෙන් සන්රයිස් ඔටෝ සර්විස් අධ්‍යක්ෂ කේ. ඒ. සුරංග මහතා පැවසීය.

ශක්තිමත් නව බලශක්ති වාහන (NEV) ජාලයක් ගොඩනැගීමේ උත්සාහයේ කොටසක් ලෙස, John Keells CG Auto විසින් කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර, කරාපිටිය, මාතර, තංගල්ල, පුත්තලම, කුරුණෑගල සහ මහනුවර වැනි රටේ ප්‍රධාන ස්ථානවල ඉලෙක්ට්‍රික් වාහන (EV) charge කිරීමේ මධ්‍යස්ථාන 15 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට සහාය වී ඇත. 



අදහස් (0)

BYD අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site