අද දිනයේ ගනුදෙනුවල දී වෙළෙඳපොළ මිශ්‍ර ස්වභාවයක් ගැනීමට ඉඩ ඇත. ඉකුත් සිකුරාදා (ජුලි 11) පිරිවැටුම රුපියල් බිලියන දහය ඉක්මවන ලද මෙම මුදලින් රුපියල් බිලියන 1.3 ක් විදේශ විකිණීම් වීම විශේෂත්වයකි. ගනුදෙනු ප්‍රමාණය පනස් දහසකට ආසන්නවීම ද කැපී පෙනිණ. ඇමරිකානු ආණ්ඩුව පනවන ලද බදු යම් ප්‍රමාණයකින් අඩු කර තිබේ. අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් ලැබෙන සහාය පළ වී ඇත. ශ්‍රී ලංකාව විශ්වාසනීයත්වයකින් යුතුව අපනයන තරගකාරීත්වයට මුහුණ දෙන පසුබිම තුළ ආයෝජකයන්ට උන්නදුවක් ඇති කරනු ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මෙම වාර්තාගත තත්වය තවත් දියුණුවීමට ඉඩ ඇති අතර සුළු ආයෝජකයන්ගේ හැසිරීම අනුව වෙළෙඳපොළ ස්වභාවය පවතිනු ඇත.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 379.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,486.86 ක් වශයෙන් අවසන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 126.86 ක වර්ධනයක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 10.22 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 49,703 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 304.1 ක් විය. සමාගම් 220 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 42 කි. විදේශ මිල දී ගැනීම් රු. මිලියන 96.4 ක් වන අතර විකිණීම් රු. මිලියන 1,320.3 කි. රටට අහිමි වූ ධනය රු. මිලියන 1,224 ක් බව සඳහන් කළ හැකිය.
ජෝන් කීල්ස් රු. මිලියන 486 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 322 ක්, හේලීස් පැබ්රික් රු. මිලියන 320 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 287 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 283 ක්, සම්පත් බැංකුව රු. මිලියන 281 ක්, ඊස්ට් වෙස්ට් රු. මිලියන 264 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 321 ක්, පෑන් ඒෂියා රු. මිලියන 220 ක්, ස්විස්ටෙක් රු. මිලියන 198 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපනයන තරගකාරීත්වයට මුහුණ දෙන්න විශ්වාසයක්