ගුරු වෘත්තියේ නියැලෙන හා නියැලීමට බලාපොරොත්තු වන අයගේ කුසලතා සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමටESOL College International හඳුන්වා දී ඇති Cambridge Teaching Knowledge Test (TKT) පාඨමාලාවේ ජුලි කණ්ඩායමට මේ දිනවල සිසුන් බඳවා ගැනේ. Online හෝ Physical මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු කළ හැකි මෙය ත්‍රෛමාසික පාඨමාලාවකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට Online හරහා මෙයට සහභාගි විය හැකි අතර සියලුම Sessions, Interactive Sessions ලෙස පැවැත්වේ. භාෂා ඉගැන්වීම පිළිබඳ මූලික පසුබිම; පාඩම් සැලසුම් කර ගැනීම; සම්පත් භාවිතය හා පන්ති කාමර කළමනාකරණය යන TKT Modules තුනටම අදාළ දැනුම පියවරෙන් පියවර ලැබිය හැකි පරිදි එම වැඩසටහන සැලසුම් කර තිබේ.
ESOL College Internationalහි ගුරු සංවර්ධන සහ පුහුණු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඉසුරි කත්‍රිආරච්චි මහත්මිය මූලිකව පාඨමාලාව මෙහෙයවයි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මූලික උපාධියත්, ඕස්ට්රේලියාවේ Macquarie විශ්ව විද්‍යාලයෙන් ව්‍යවහාරික භාෂා පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. දශකයක් පුරා පුහුණු කරන්නන් පුහුණු කර අත්දැකීම් රැසක් හිමි ඇය සහභාගි වන්නන්ගේ දැනුම සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට සරල හා ලෝකයේ දැනට භාවිත වන නවීන ක්‍රම අනුසාරයෙන් පාඨමාලාව මෙහෙයවයි.
සෑම සැසියක්ම අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් පදනම් කර ගත් ඉගැන්වීමේ ක්‍රම භාවිතයෙන් පවත්වා TKT විහාගය ඉහළ ලකුණු සහිතව සමත් වීමට අවස්ථාව සැලසීම සිය ප්‍රධාන අරමුණ බව ඇය පැවසුවාය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1934										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Cambridge විශ්ව විද්‍යාලය් TKTවිභාගයට පුහුණු කිරීමට ESOL College සැරසේ