IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියාවෙන් ලංකාවට රුපියල් කෝටි 30,000 ක ණය සහනයක්

 

  • ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබාදුන් මූල්‍ය සහාය ඩොලර් කෝටි 400 ක්
  • ගෙවීමට ඇති ණය මුද‍ලේ කාලය දීර්ඝ කිරීමක් මෙන්ම පොලිය අඩු කිරීමක් ලබාදීලා
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහන සැලකිල්ලට ගනිමින් එම ණය සහනය දීලා
  • මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 6.08 සීමාවේ පවතින බැවින් ඉන්දියාව ලබාදුන් ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ණය සහනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්
  • ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි‍ගේ මෙරට නිල සංචාරයකට පැමිණි අවස්ථාවේදී විශේෂ හුවමාරු ගිවිසුමට කාලය දීර්ඝ කිරීමක් ලබාදෙන ලෙසත්, පොලිය අඩුකිරීමක් ලබාදෙන ලෙසත් ඉල්ලලා
  • ආර්ථික අර්බුදයේදී ඉන්දියාව මෙරටට ලබාදුන් මුළු සහාය ඇමෙරිකානු ඩොලර් කෝටි 700 කට වඩා වැඩියි

විමුක්ති එස් රුද්‍රිගු


ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් කෝටි 100 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30,000) ක පමණ ණය සහනයක් ලබාදුන් බව ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය.

මෙරට පැවැති දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව මෙරටට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් කෝටි 400 ක මූල්‍ය සහාය පසුගිය ඔක්තෝබර් මාසයේදී කල් පිරීමට නියමිතව තිබූ බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් කෝටි 260 ක් පමණ මුදලක් තිබුණේ දෙරටේ මහ බැංකු අතර එළැඹි විශේෂ හුවමාරු ගිවිසුමක් යටතේ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එයට ආසියානු නිශ්කාෂණ සංගමයේ ගෙවීම් මෙන්ම ද්වී පාර්ශ්වික ණය යටතේ ගෙවීමට තිබූ හිඟ මුදල්ද අයත් වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය. එම විශේෂ හුවමාරු ගිවිසුම යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ බවත් එම මුදල සඳහා ණය සහනය ලබාදුන් බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එහිදී ගෙවීමට ඇති ණය මුදල කාලය දීර්ඝ කිරීමක් මෙන්ම පොලිය අඩු කිරීමක් ලබාදුන් බවද ආරංචි මාර්ග පැවැසුවේය. ශ්‍රී ලංකාව ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා යන ගමන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහන සැලකිල්ලට ගනිමින් එම ණය සහනය ලබාදුන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

විශේෂ හුවමාරු ගිවිසුම පසුගිය ඔක්තෝබර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබූ බවත් ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් නොමැතිව ඉන්දියානු මහ බැංකුව එම ගිවිසුමේ කාලය පසුගිය ඔක්තෝබර් මාසයේදී දීර්ඝ කළ බවත් ආරංචි මාර්ග පැවැසුවේය. එය මෙරට ආර්ථිකයට සහ විදේශ සංචිත කළමනාකරණයට නව ශක්තියක් ලබාදුන් බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රජයේ ඉල්ලීමකින් තොරව ලබාදුන් එම කාලය දීර්ඝ කිරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් සබඳතාවට කදිම උදාහරණයක් බවද ආරංචි මාර්ග පැවැසුවේය. තවමත් මෙරට විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.08 සීමාවේ පවතින බැවින් ඉන්දියාව ලබාදුන් ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ණය සහනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මෙරට විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.08 සීමාවේ පැවතුණද ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් චීන විදේශ මුදල් හුවමාරු ගිවිසුමට අයත් වන බවත් එහි කොන්දේසි සපුරා නොමැති වීම හේතුවෙන් බිලියන 1.5ක සංචිත ප්‍රමාණය භාවිත කළ නොහැකි බවත් ආරංචි මාර්ග පැවැසුවේය. 

ඩොලර් බිලියන 1.5 ක සංචිත ප්‍රමාණය භාවිත කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස 3 ක ආනයනයට ප්‍රමාණවත් සංචිත තිබිය යුතු බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් මාසයේ මෙරට නිල සංචාරයකට පැමිණි අවස්ථාවේදී මෙරට රජය නිල වශයෙන් විශේෂ හුවමාරු ගිවිසුමට කාලය දීර්ඝ කිරීමක් ලබාදෙන ලෙසත්, පොලිය අඩුකිරීමක් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළ බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මෙරට බලධාරීන් සමග පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදී අග්‍රාමාත්‍ය මෝදි මහතා එම ඉල්ලීමට එකඟ වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.

පසුගියදා ඉන්දීය මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් නිල වශයෙන් එම විශේෂ හුවමාරු ගිවිසුමට කාලය දීර්ඝ කිරීමක් ලබාදීමටත්, පොලී අනුපාත අඩු කිරීමටත් මෙරටට පැමිණි බවත් මෙරට වර්ධනය වෙමින් පවතින ආර්ථිකයට තල්ලු‍වක් ලබාදීම එම ගමනේ අරමුණ වූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ඉන් ඉන්දියාව අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබිඹු වන බවද ආරංචි මාර්ග පැවැසුවේය.

මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයේදී ඉන්දියාව මෙරටට ලබාදුන් මුළු සහාය ඇමෙරිකානු ඩොලර් කෝටි 700 කට වඩා වැඩි බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් කෝටි 80 ක් ප්‍රදානයන් ලෙස ලබාදී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එසේම ඉන්දීය ණය මාර්ගයක් යටතේ ලබාදී තිබූ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක්ද මේ වනවිට ප්‍රදානයක් බවට පත්කර තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.



අදහස් (0)

ඉන්දියාවෙන් ලංකාවට රුපියල් කෝටි 30,000 ක ණය සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site