IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලියාපදිංචි බදු ගෙවන්නන් 484,362කින් ඉහළ ගිහින්

අලු‍තින් එකතු වී ඇති ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව 456,035ක් 
මේ දක්වා ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව දොලොස් ලක්ෂයයි


භානුක අමරසිංහ


පසුගිය 2024 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට මෙරට ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව 1,239,541 ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙය 2023 වසර අවසන් වනවිට පැවැති 755,179ක් වූ ලියාපදිංචි බදු ගෙවන්නන් හා සැසඳීමේදී 2024 දී අලු‍තින් බදු ගෙවන්නන් 484,362ක එකතුවීමක් ලෙස සටහන්ව තිබේ.

මෙම පිරිස විවිධ බදුකරණ කාර්යයන් සදහා මෙලෙස ලියාපදිංචි වී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ආදායම් බදු ගෙවන්නන්, වෙනත් බදු ගෙවන්නන් සහ රදවා ගැනීම් සහ මුද්දර බදු යනාදිය යටතේ තනි පුද්ගලයන් සහ සමාගම් ලෙස ඔවුන් ලියාපදිංචි වී තිබේ.

මේ යටතේ 2024 වසර අවසන් වනවිට ලියාපදිංචි වී සිටි සමස්ත ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව 1,093,134 කි. එය 2023 අවසන් වන විට සිටි 637,099 හා සැසඳීමේදී අලු‍තින් ආදායම් බදු ගෙවන්නන් 456,035ක එකතු වීමකි. 

මෙහිදී සංස්ථාපිත බදු ගෙවන්නන් යටතේ වාසික/නිර්වාසික සමාගම් සංඛ්‍යාව 82,437 සිට 100,409ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම සංස්ථාපිත නොවන යටතේ තනි පුද්ගල බදු ගෙවන්නන් 539,862 සිට 976,498ක් දක්වාත්, හවුල් ව්‍යාපාර බදු ගෙවන්නන් 14,800 සිට 16,227ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

වෙනත් බදු ගෙවන්නන් යටතේ වන මුළු සංඛ්‍යාව 2023 දී පැවැති 22,859 සිට 2024 අවසන් වන විට 42,779ක් දක්වා 19,920 කින් ඉහළ ගොස් තිබේ. 

එහිදී වැට් බදු සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 13,851 සිට 21,227 දක්වාත්, මූල්‍ය සේවා මත වැට් බදු සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 277 සිට 315 දක්වාත්, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සදහා ලියාපදිංචි වූ සංඛ්‍යාව 8,107 සිට 12,097 ක් දක්වාත්, ඔට්ටු හා සූදු බදු සඳහා ලියාපදිංචි වූවන් 624 සිට 1,248ක් දක්වාත් ඉහළ නැග තිබේ. එසේම 7,892 ක පිරිසක් ප්‍රාග්ධන ලාභ බදු සදහා වසර තුළ අලු‍තින් ලියාපදිංචි වී තිබේ.

මීට අමතරව උපයන විට ගෙවීම් බද්ද/අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද, පොලිය මත රඳවා ගැනීමේ බද්ද/අත්තිකාරකම් ආදායම් බදු, විශේෂිත ගාස්තු මත රදවා ගැනීමේ බදු සහ මුද්දර බද්ද සදහා 2024 වසර අවසන් වනවිට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව 95,221 සිට 103,628 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



අදහස් (0)

ලියාපදිංචි බදු ගෙවන්නන් 484,362කින් ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site