IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නෙස්ලේ ලංකා පාසල් දරුවන් අතර අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ නංවයි



නෙස්ලේ ලංකා සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ 2025 ‘සිසු නෙතින් දකින සුවදායී පරිසරය’ පාසල් චිත්‍ර තරගය පසුගියදා ඉතා සාර්ථකව අවසන් විය. අනාගත පරපුර තුළ වගකිවයුතු අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ අවබෝධය ඉහළ නැංවීම සඳහා වන පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනෙහි එක් පියවරක් ලෙස හඳුන්වා දිය හැකි මෙම චිත්‍ර තරඟය සඳහා දිවයින පුරා පාසල් 800කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 400,000ක පමණ පිරිසක් එක්වූහ.

එම චිත්‍ර තරගයෙන් තෝරාගත් ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් බෙදා දීමේ උත්සවය පසුගිය ජූනි 25 වන දින කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී පැවැත්විණ. එම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම්, නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් යන මහත්වරුන් මෙන්ම හවුල්කාර ආයතන නියෝජිතයන් සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි භාග්‍යා රූපසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙසේ පැවසීය. “ළමා කාලයේ සිටම වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් දරුවන් උනන්දු කරවීම සඳහා සිදු කරන ප්‍රශංසනීය වැඩසටහනක් ලෙස මෙම පාසල් චිත්‍ර තරඟය පෙන්වා දිය හැකියි. ළමා මනසට නිර්මාණශීලීත්වය එක් කිරීමෙන් ඒ පිළිබඳ අවබෝධය ඉහළ යනවා පමණක් නොව පාරිසරික සුරක්ෂිතතාවයේ වටිනාකම්ද නිර්මාණය කරනවා. පාසල් දරුවන්ගේ හැසිරීම් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන මෙම වැඩසටහන්වලින්, පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳව අපගේ දැක්මට නෙස්ලේ සමාගම සක්‍රීයව සහය දැක්වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා.

මෙම අවස්ථාවට එක් වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ සඳහන් කර සිටියේය. “අපද්‍රව්‍යවලින් තොර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන හඳුන්වා දිය හැකිය. වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම, අපද්‍රව්‍ය වෙන් කිරීමේ හා එකතුකිරීමේ ක්‍රමයන් ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. එමෙන්ම එය කුඩා කළ සිටම දරුවන්ගේ ධනාත්මක හැසිරීම්හි වෙනසක් ඇති කිරීමටද ඊට හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහන තුළින් අපගේ ඇසුරුම් හරහා පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් නැවත ලබා ගනිමින් සියයට 100ක් ප්ලාස්ටික්වලින් තොර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අපි කැපවී කටයුතු කරනවා. එසේම පාසල් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට මෙන්ම පිරිසුදු පරිසරයක් හා හෙට දවසක් වෙනුවෙන් දායක වීමේ වැදගත්කම තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා චිත්‍ර තරඟයක් සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. ඒ සඳහා සහභාගී වූ සියලු‍ දෙනාටත්, ඉන් ජයග්‍රහණය කළ සියලු‍ දෙනාටත් මේ මොහොතේ මගේ හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට කැමැතියි.



අදහස් (0)

නෙස්ලේ ලංකා පාසල් දරුවන් අතර අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site