IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බැංකු අංශය පළමු කාර්තුවේදී සාර්ථක ගමනක

  • වත්කම් සහ වගකීම් සියයට 14.5 ක සහ සියයට 14.1ක වර්ධනයක්
  • සමස්ත ණයෙන් ආපසු නොගෙවූ ණය ප්‍රමාණයේ අඩුවීමක් 

භානුක අමරසිංහ


මෙරට බැංකු අංශය 2025 පළමු කාර්තුව තුළදී සාර්ථක ගමනක් සටහන් කර තිබෙන බව මහ බැංකුව පවසයි. මාර්තු 31න් අවසන් වූ පළමු කාර්තුව සඳහා වන මූල්‍ය සාධනීය දර්ශකය ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි. මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් සෑම කාර්තුවක් සඳහාම මෙම දර්ශකය නිකුත් කරයි.

ඒ අනුව මෙම කාර්තුව අවසන් වනවිට බැංකු අංශය සතු වත්කම් ප්‍රමාණය රු. බිලියන 23,192ක් බවට පත්ව තිබේ. මෙය 2024 පළමු කාර්තුවේ පැවැති රු.බි. 20,260 හා සැසඳීමේදී සියයට 14.5ක වර්ධනයකි. එහිදී මූලිකවම ආයෝජන රු.බි. 7,596 සිට රු.බි. 9,573ක් දක්වා සියයට 26කින් ඉහළ යෑම මෙන්ම ණය සහ අයවීම් රු.බි. 10,853 සිට රු.බි. 11,709ක් දක්වා සියයට 7.9කින් ඉහළ යෑම දායක වී තිබේ.

මේ අතර 2025 පළමු කාර්තුවේදී බැංකු අංශයේ සමස්ත වගකීම්ද 2024 පළමු කාර්තුවේදී පැවැති රු.බි. 18,744ට සාපේක්ෂව රු.බි. 21,091ක් දක්වා සියයට 14.1කින් ඉහළ නැග තිබේ. එහිදී මූලිකවම තැන්පතු රු.බි. 16,568 සිට රු.බි. 18,693 ක් දක්වා සියයට 12.8කින් ඉහළ යාම හේතු වී තිබේ. එසේම කොටස් ප්‍රාග්ධනය සහ සංචිතයද රු. බි. 1,783 සිට 2,101 ක් දක්වා සියයට 17.8කින් වර්ධනය වී තිබේ.

එසේම බැංකු අංශය තුළ නියාමන ප්‍රාග්ධනය හා අවදානම මත බර තැබූ වත්කම්ද 2025 පළමු කාර්තුවේදී සියයට 19.3කින් ඉහළ ගොස් තිබේ. එහිදී මූලිකවම නියාමන ප්‍රාග්ධනයේ ඇති වූ ඉහළ වර්ධනය හේතුව වී තිබේ.

බැංකු අංශය සතු සමස්ත ණය ප්‍රමාණයෙන් ආපසු නොගෙවූ ණය ප්‍රමාණය 2024 පළමු කාර්තුවේදී පැවැති සියයට 12.9ක සාපේක්ෂව 2025 පළමු කාර්තුවේදී සියයට 12.7ක් දක්වා අඩුවීමත් කැපී පෙනෙයි. ඒ අනුව මෙය පෙර වසර හා සැසඳීමේදී බැංකු අංශය සතු අවදානම යම් ප්‍රමාණයකින් අඩුවීමකි.

මේ සමගින්ම 2025 පළමු කාර්තුවේදී බැංකු අංශය සමස්තයක් ලෙස රුපියල් බිලියන 93.6ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. එය 2024 පළමු කාර්තුවේ වාර්තා කළ රුපියල් බිලියන 47.5 හා සැසඳීමේදී සියයට 96.9ක ඉහළ යාමකි. මෙහිදී මූලිකවම 2025 පළමු කාර්තුවේදී වාර්තා කළ ශුද්ධ පොලී ආදායම්හි සියයට 34ක වර්ධනය හේතු වී තිබේ.

මේ අතර 2025 පළමු කාර්තුවේදී බැංකු අංශය සිදුකළ විදේශ මුදල් මෙහෙයුම්ද 2024 පළමු කාර්තුවට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස වර්ධනය වී ති‍බේ. ඒ අනුව විදේශ මුදල් ආයෝජන එ.ඩො.මි. 1,943ක් දක්වා සියයට 18.3කින් ඉහළ නැග තිබේ. එසේම විදේශ මුදල් ණය සහ අයවීම් එ.ඩො.මි. 7,414 සිට 8,244 ක් දක්වා සියයට 11.2කින් ඉහළ නැග ඇත. මීට අමතරව විදේශ මුදල් තැන්පතු එ.ඩො.මි. 12,022ක් දක්වා සියයට 8.6කින් ඉහළ නැග තිබේ. කෙසේ වෙතත් විදේශ මුදල් හරහා සිදුකළ ණය ගැනීම් එ.ඩො.මි. 878 සිට 753ක් දක්වා සියයට 14.3කින් අඩු වී තිබේ.

 

 



අදහස් (0)

බැංකු අංශය පළමු කාර්තුවේදී සාර්ථක ගමනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site