IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අන්‍යෝන්‍ය තීරු බදු අඩුකර ගැනීම රජය ගත් වැදගත් පියවරක් - ලංකා වාණිජ මණ්ඩලය


විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකාව “අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම මෙරට තීරුබදු ව්‍යූහය ජාත්‍යන්තර තරගකරුවන්ගේ තීරුබදු ව්‍යූහය සමග සමීප කිරීමට රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

එළැඹෙන 1 වැනිදා තෙක් සාකච්ඡා මේසය විවෘත බැවින් සියයට 30 ක තීරු බද්ද තවත් අඩුකර ගැනීමට ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡාවල නිරත වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කර ගැනීමට, මිලදී ගන්නන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට, තිරසාර ආර්ථික වර්ධනයක් දිගුකාලීනව පවත්වාගෙන යාමට සියයට 30 ක තීරු බද්ද තවත් අඩු කර ගැනීමේ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවද වාණිජ මණ්ඩලය පැවැසුවේය.

ඒ සඳහා උපදේශන ලබා දීමටත් සහාය ලබා දීමටත් සූදානම් බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

අන්‍යෝන්‍ය තීරු බදු අඩුකර ගැනීම රජය ගත් වැදගත් පියවරක් - ලංකා වාණිජ මණ්ඩලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site