වළෙන් ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් යයි මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කළ අයකු සුදුහුම්පල ප්‍රදේශයෙ දී දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවේ ඔහුගේ අත මතින් දුම්රියක් ධාවනය වීම නිසා අත වෙන් වී බරපතල තුවා ලබා මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ . 08 September 2022
පාර්ලිමේන්තුවේ අතුරුදන් මාල මුදු ලාච්චුවකින් මතුවෙයි පාර්ලිමේන්තුවේ පොලිස් කාන්තා තනිකඩ නිවස්නයේ තිබී අතුරුදන් වූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලය සහ මුදු දෙක එහි කිසියම් ස්ථානයක තිබී හමුවී ඇතැයි පොලිසිය පවසයි. 08 September 2022
ආර්ථික අර්බුදය ගැන කතා කරන්න සමන්තා පවර් ලංකාවේ සංචාරයක ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ දෙරට අතර සංවර්ධන හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 08 September 2022
තෙල් දුම්රිය තඹුත්තේගමදී පිලි පනී කොලොන්නාව සිට අනුරාධපුරය බලා ඉන්ධන රැගෙන ගිය දුම්රියක් තඹුත්තේගම දුම්රිය ස්ථානයේදි අද පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 08 September 2022
චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්න දෙවරක් හිතයි ශ්‍රී ලංකාව ඇතුළු චීනයෙන් ණය ලබාගෙන ඇති රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ණය සහන ඉල්ලා තිබීම හේතුවෙන් චීනයට තම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 08 September 2022
බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු ඇමතිනී ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ඉන්දියානු සම්භවයක් සහිත සුඑල්ලා බ්‍රේවර්මන් තම දිවුරුම් දීමේ උත්සවයේදී බෞද්ධයන්ගේ අත්පොත වන ධම්ම පදය මත අත තබමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 08 September 2022
සනත් නිශාන්තට නොතීසි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය අද (08) නොතීසි නිකුත් කළේය. 08 September 2022
දමිතා අබේරත්න 14 තෙක් රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08) නියෝග කළේය. 08 September 2022
දඹුල්ලේ ලොකු ලූනු කිලෝව 80ට බහී දේශීය ලූනු කිලෝවක් සඳහා රුපියල් 80 -140ත් අතර මුදලක් ලැබීම කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි බව ලොකු ලූනු ගොවීහු චෝදනා කරති. 08 September 2022
දමිතා බලන්න සජිත් කොටුව පොලිසියට ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම් සම්බන්ධයෙන් ඊයේ (7) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීන නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) කොටුව පොලිසියට පැමිණියේය. 08 September 2022
රජයේ නව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වැඩ බාර ගනියි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (08) වැඩබාර භාරගත්තේය. 08 September 2022
ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඩලස් කළ ඉල්ලීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රීවරුන් පිරිසටද මැති සබයේ කතා කිරීමට අවස්ථාවක් තිබිය යුතු බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 September 2022
සියයට 50කට ඩී විටමින් නෑ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව සොයගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය. 08 September 2022
බදු නොගෙවන ලොකු සමාගමක් අලූත්ගමගේ හෙළිකරයි කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නො ගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 08 September 2022
දමිතා නිදහස් කරන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 08 September 2022
කෙසෙල්වත්තේ ගැටුමින් අයෙක් මරුට:කතකට තුවාල කොළඹ කෙසෙල්වත්තේ දී ඊයේ (7) රාත්‍රියේ පිරිසක් තියුණු ආයුධවලින් පහර දීම නිසා පුද්ගලයකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 08 September 2022
කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ වියලි කහ කිලෝ 1352 ක් හොඳ සැකකරුවෙකු කිළිනොච්චි වෙරවිල් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 September 2022
රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 08 September 2022
ප්‍රදේශ රැසකට විටින් විට වැසි ඇති වේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (8) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 September 2022
පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ වියරු වැටෙති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරගයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බව වාර්තා වේ. 08 September 2022
රංගන ශිල්පිනී දමිතා අත්අඩංගුවට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය කියයි. 07 September 2022
දඹුල්ල වී ගබඩාවේ වි මිටි 200ක් උස්සලා දඹුල්ල කණ්ඩලමේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාව කඩා වී මිට දෙසීයකට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි වී අලවි මණ්ඩලය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 07 September 2022
කුඩ්ඩන් සමග මුදල් ගැරූ ලාන්ස් කෝප්රල් මාට්ටු මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන්ට පොත් හා පාසල් උපකරණ ලබා දීමට යැයි පවසා හමුදා නිල ඇඳුමින් සැරසී තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ ආධාර මුදල් එකතු කරමින් සිටි ලාන්ස් කෝප්රල්වරයකු දෙහිවල මල්වත්ත පාරේ දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 07 September 2022
අරගලකරුවෝ යළි පාරට ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව සහ ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය හා ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹ දී අද (7) සත්‍යග්‍රහයක නිරත වූහ. 07 September 2022
කිරිඉබ්බන් මරා මස් කළ දෙකක් අල්ලයි දර්ගා නගරයේ නිවසක කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක කළ බව කියන සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද ඉබිබන් හත්දෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 07 September 2022
මන්දපෝෂණය ගැන උත්තර දෙන්න ඇමැති නෑ රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ අද පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය. 07 September 2022
රාජ්‍ය ඇමතිවරු 36ක් හෙට දිවුරුම් දෙති රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දෙති. 07 September 2022
යලේ වී ගන්න රාජ්‍ය බැංකුවලින් ණය දී නැහැ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් මෙතෙක් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) අනාවරණය කළේය. 07 September 2022
රනිල් ජයවර්ධනට යළි බ්‍රිතාන්‍යයේ අමාත්‍ය ධූරයක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 September 2022
ජාතික සභාවට අවසර රටේ ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණ. 07 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026