දැල් පන්දු ශූරියන්ට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම් 2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ. 11 September 2022
ජනමත විචාරණයකට ජනපතිගෙන් ඉඟියක් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 September 2022
සමන්තා පවර් ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ තෙද නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර සංවර්ධන සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(11) පැවැත්විණි. 11 September 2022
ස්වර් ණ පුස්තක සම්මානය ’ප්‍රේමානිසංශ’ කෘතියට වසරේ හොඳම නව කතාවට හිමි ස්වර් ණ පුස්තක සම්මානය මෙවර චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ ‘ප්‍රේමානිසංශ’ කෘතියට හිමිවිය. 11 September 2022
මඩකලපුව මුහුදෙන් රට පනින්න හැදූ 78 ක් අල්ලයි බහුදින ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මුහුදු මාර් ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සහ කළ 78 දෙනකු මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර දේශයේදී අද (11) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි. 11 September 2022
ලක්ෂ 10 ක කුඩුත් එක්ක තරුණයෙක් මාට්ටු රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග විශ්‍රාමික දුම්රිය නිලධාරිනියකගේ අවිවාහක පුත්‍රයා පෙරේදා (10 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 11 September 2022
මැයි 09 ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලා ගැන පරීක්ෂණ කෝ? පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 September 2022
ජනපති මහ රැජිනට අවසන් ගෞරව දක්වයි දෙවන එළිසෙබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11)ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියේය. 11 September 2022
වතුකම්කරුවන්ට විශේෂ දීමනාවක් සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 11 September 2022
රාජ්‍ය ඇමතිවරුන්ගේ වියදම ගැන ජී එල් ගෙන් ප්‍රකාශයක් රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 11 September 2022
ගොවි ගැටලු යට ගහන ’’බහිරවයෙක්’’ ගැන කෘෂි ඇමති හෙළිදරව් කරන්න යයි වී මිලදී ගැනීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 September 2022
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇත. 11 September 2022
මාස අටට වෛද්‍යවරු 500 ක් රට ගිහින් ගෙවුණු මාස අටක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පන්සියයක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. 11 September 2022
චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි . 11 September 2022
වෑන් රිය ප්‍රපාතයේ:කතක් මරුට:හයක් රෝහලට කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි. 11 September 2022
අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2022
කුඩු අල්ලන්න ගිය පොලිසියට කුඩ්ඩන්ගෙන් ප්‍රහාරයක් මත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී පිරිසක් එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත. 11 September 2022
රාජ්‍ය සහ සංස්ථා පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයි රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 10 September 2022
කැබිනට් තව ඇමැතිවරු 12 පත් කරයි? කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 10 September 2022
පිනට ඇරපු හරක් රැළක් ගැන අනුර කුමාර කියයි රජයේ ඇමති මණ්ඩලය හන්දි වල සිටින පිනට ඇරපු වහු (වස්සන්) කණ්ඩායමක් වගේ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 10 September 2022
බඩඉරිඟු ගොවියාටත් යූරියා දෙන්න යයි බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා කිලෝ 50 ක මිටියක් රුපියල් 15,000 ක මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 September 2022
විදුලිය - ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගතකරනය ගැන සාකච්ඡා විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීමට ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 10 September 2022
සමන්තා පවර් කුඹුරට බසී තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය. 10 September 2022
රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. 10 September 2022
මවු රැජිනියනි ස්තුතියි දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු කිරුළ හිමි පුතු තෙවැනි චාල්ස් රජු ජාතිය ශෝකයට පත් බ්‍රිතාන්‍ය වැසියන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද ආමන්ත්‍රණය කළේය. 10 September 2022
අයි.එම්.එෆ් වාර්තාව ගැන මැතිසබා විවාදයක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 10 September 2022
අලුත් දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 18 ක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ. 10 September 2022
පාර්ලිමේන්තු පොලිසියේ ’’මොරාල්’’ වැඩි කරන්න අලුත් වැඩක් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරින්ගේ මානසික ශක්තිය වර්ධනය කිරිම සඳහා විශේෂ වැඩ සටහන් මාලාවක් එම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත. 10 September 2022
ඇඟලුම් රැක ගන්න ජනපති ලේකම් අත ගසයි රටට විශාල ආදායමක් ගෙන දෙන ඇඟලුම් ක්ෂේත්රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 10 September 2022
මව සහ දියණිය කපා කොටා මරා දමයි බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පිල් වතු ගම්මානයේ නිවසක ජීවත්වු මවක හා දියණියක නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. 10 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026