( නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ප්‍රදීප් උදුගොඩ,(කොළඹ) සහන් ප්‍රදීප් විතාන,( ගම්පහ )සංජීව එදිරිමාන්න( කළුතර ) සම්පත් අතුකෝරල (ගාල්ල ), නිපුණ රණවක,( මාතර) චමල් රාජපක්ෂ( හම්බන්තොට , ) සමන් ප්‍රිය හේරත් (කුරුණෑගල, )චින්තක මායාදුන්නේ ( පුත්තලම) එච්. නන්දසේන, (අනුරාධපුර, ) ගුණතිලක රාජපක්ෂ, ( මහනුවර) - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ( මාතලේ, එස්.බී. දිසානායක(,නුවරඑළිය) සුදර්ශන දෙනිපිටිය(,බදුල්ල) කුමාරසිරි රත්නායක, (මොණරාගල) අකිල එල්ලාවල,( රත්නපුර)රාජිකා වික්‍රමසිංහ(මාතලේ), - ඩී. වීරසිංහ,( දිගාමඩුල්ල) කපිල අතුකෝරල( ත්‍රිකුණාමලේ) යන මහත්ම මහත්මීහු වෙති.
මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තව පත් කර ගන්න. ඉතුරු වෙලා තියෙන ටිකත් බෙදා ගන්න.
තව මදි
පත් කිරීම් එමටයි .වැඩක් වෙන්නේ නැහැ
තව තව හූරාකන්න ක්‍රමවේදයක්. හිගන්නගෙ පාත්තරේටමනේ අම්මපා හෙනහුරාලා වැටෙන්නේ.
ෙතව තවත් බෙදා හදා ගෙන රට වල පතුලටම යවන්න.
අපි ඉන්නේ බංකොලොත් රටක කියලා මේ අයට මතක නෑ. හොරා කන්න ආයෙ සැරසෙන්නේ....
පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකාබද්ධ කළා නම් ලංකාවේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් එක මැතිවරණ බල ප්‍රදේශයක් කළ හැකියි. බලය විමධ්‍යගත කිරීම ඊට වඩා දෙයක් නැහැ. රටේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කර එමගින් පහසු වන අතර රටේ වැසියන්ටද පහසුවකි. දැන් ඇති තත්වය හැටියට නිෂ්චිත බල ප්‍රදේශයක් දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ට නැත. සමහර බල ප්‍රදේශ වලට පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු දෙන්නෙක් එක කොට්ඨාශයකට ඉන්න පුළුවන් වන අතර සමහර කොට්ඨාශ වලට කිසිවෙක් නැත...