(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ  විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වතු කම්කරුවන්ට මෙන්ම නාගරික වතු ප්‍රජාවටද මෙම දීමනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.