(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රථම වරට හමු වූ මෙරට දී නිෂ්පාදනය කළ මිනි ඌෂී වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ පොදු සුසාන භූමියේ වළඳමා තිබේදී සොයා ගත් බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

එම වර්ගයේ ගිනි අවියක් මින් පෙර කිසිදු පොලිස් ඒකකයක් මගින් මෙරටදී සොයාගෙන නොතිබිණි.

මිනි ඌෂී වර්ගයේ ගිනි අවියට අමතරව එම , විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් , මැගසිනයක් සහ  උණ්ඩ තුනක් වළදමා තිබියදී සොයාගෙන ඇත.

ඉකුත් මස 21 ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරන ලද මාවත්තේ චාමර නැමැති මහා පරිමාණ මත්ද්‍රව‍ය ජාවාරම්කරු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර ඔහුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව එම විශේෂිත ගිනි අවිය ඇතුළු සෙසු ගිනි අවිය හා උන්ඩ සොයාගත් බව පොලිසිය කියයි.

එම වර්ගයේ ගිනි අවියක් සංවිධානාත්මක අපරාධකරුවන් සන්තකයේ ඇති බවට ඉකුත් කාලය පුරා පොලිසියට තොරතුරු ලැබී තිබුණ ද කිසිදු පොලිස් ඒකකයකට සොයා ගැනීමට හැකිව තිබුණේ පොලිසිය සඳහන් කරයි.

මිනි ඌෂී වර්ගයේ ගිනි අවිය මෙම අපරාධකරුගේ සාමාජිකයන් විසින් ප්‍රතිවාදින් බිය ගැන්වීම සඳහා යොදාගෙන ඇති බව පොලිසිය  සැකකරයි.