
(සුජිත් හේවාජුලිගේ )
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදල පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ නිවසට එවා තිබියදී ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර අද (2) නැවතත් හරවා යවා ඇත.
වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව පවසා වාර්තාව හරවා යැවූ බව හර්ෂද සිල්වා මහතා පැවසීය.
වාර්තාව තමාගේ පෞද්ගලික පරිශීලනයට යැයි පවසමින් ඒවා තිබූ බවත් මෙම වාර්තාව ඉල්ලුවේ තමාගේ පෞද්ගලික පරිශීලනයට නොව කමිටුවේ පරිශීලනයට බවත් ඔහු ප්‍රකාශ කළේය.
වාර්තාව වහාම පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස ඉල්ලා සිටි බව කී හර්ෂ ද සිල්වා මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු සාමාජික මන්ත්‍රීවරුන් පරිශීලනය කිරීමෙන් අනතුරැව තව දින කිහිපයකින් කමිටුව හමුවේ සාකච්ඡාවට ගන්නා බවද සඳහන් කළේය.
වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට හැකියාවක් තිබිය යුතු බව ඔහු කීවේය
මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට බවත් වාර්තාව තමාට පුද්ගලිකව එවීමෙන් ඒ වගකීමපාර්ලිමේන්තුවෙන් මුදල් කමිටුවෙන් උදුරා ගැනීමක් හැටියට සලකන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදල පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් බාර දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගියදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට පසුගියදා නියම කළේය.
වාර්තාවක් බාර දෙන ලෙස මෙසේ නියම කෙරුණේ සිද්ධිය පිළිබඳව කාරක සභාව මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුවය.
සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද කමිටුවට එහිදී කරුණු පැහැදිලි කිරීමක් කළේය
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදල පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද දීර්ඝව සාකච්ඡා කෙරිණ.
සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට චෝදනා එල්ල කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd