(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය ඩෙස්පෝඩ් ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරකින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.

අද උදෑසන 11ට පමන සිදු වූ මෙම අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් පිරිසට තුවාල සිදු වී ඇති බවත්, තුවාලකරුවන්ගෙ තත්වය බරපතල නොවන බවත් නානුඔය පොලිසිය කියා සිටියි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා පැමිණි බන්ධනාගාර නිලධාරින් පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට යමින් සිටි පිරිසක්ය.

අනතුරින් තුවාල ලැබුවන් දහ නවයයි අනූව සුව සැරියෙන් සහ අවට ප්‍රදේශයේ වතු කම්කරුවන් එක්ව රෝහල්ගත කර ඇත.

අනතුරට හේතුව බස්රථ දෙකේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවත්, අනතුරින් බස් රථ දෙකටම හානි සිදු වී ඇති බවත් නානුඔය පොලිසිය පැවසීය.