(අංජුල මහික වීරරත්න)
මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල අලි - මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වන අලි සංක්‍රමණ මාර්ග ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට භුමි ප්‍රමාණයෙන් 2/3ක පමණ ප්‍රදේශවල වන අලි ජීවත් වන අතර, විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග දිනෙන් දින ශීඝ්‍රයෙන් අවහිර වීම, අලි - මිනිස් ගැටුම් උග්‍ර වීම සඳහා සෘජුව බලපා තිබේ.
එකී ගැටුම් යම් මට්ටමකින් අවම කිරීම සඳහා වන අලින්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ග ආරක්ෂා කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්, පාර්ශ්වකාර ආයතන සහ සංවිධාන සමඟ එක්ව වන අලින්ගේ සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීම මේ වන විට සිදු කරනු ලබයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ වන අලි සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ද අනුමැතිය ලැබී තිබේ. යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක VI ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට උඩවලව ජාතික
වනෝද්‍යානය දක්වා අලි සංක්‍රමණය වන මාර්ගය, වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය ලෙස 2002 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර තිබේ.
අදාළ භූමි ප්‍රදේශය තුළ බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් හඳුනා ගෙන ඇති අතර, එම ඉඩම් මෙතෙක් සංවර්ධනය කර නොමැත. ඒ අනුව, පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
*වැටහිර කන්ද ස්වභාව රක්ෂිත භූමි ප්‍රදේශය තුළ පවතින බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් වෙනුවට වන ජීවී රක්ෂිතයට පිටත සුදුසු ස්ථානයකින් විකල්ප ඉඩම් ලබා දී වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය ' වන පිවිසුමක්' ලෙස නැවත ප්‍රකාශයට පත් කිරීම.
* හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොහොලන් කළ අලිමංකඩ අවහිර වන ලෙස ඉදිකර ඇති ගොඩනැගිලි ඇතුළත් ඉඩම් කොටස් වන්දි ගෙවා අත්කර ගෙන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd