
(නිමල කොඩිතුවක්කු)
එල්-නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි මාස දෙක තුළදී නොසිතූ ලෙස වියළි කාලගුණයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව භෝග විද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.
ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් නිර්මාණය කරන එල් නීනෝ සංසිද්ධිය මෙවර දැඩි අවදානම් ප්‍රතිවිපාක ගෙනදිය හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පෙර වර්ෂවලට සාපේක්ෂව ඉහළ උෂ්ණත්වයක් අපේක්ෂා කරන බැවින් බෝග වගාවට වැඩි බලපෑම් එල්ල විය හැකි බවත් ඔහු පැවසීය.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් භෝග වගාවට එල්ල වන බලපෑම් අවම කරගැනීමට කෘෂිකර්ම බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd