(කේ.ආර්. රාජමන්ත්‍රී)
කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ පසුවු එක් කාන්තාවක් මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක කාන්තාවකි.
මෙම අනතුරට මුහුණ පා ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පිරිසකි. වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
වැන් රථයේ රියදුරට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර වැඩිදුර විමර්ශණ කැප්පෙටිපොල පොලිසිය විසින් සිදු කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෑන් රිය ප්‍රපාතයේ:කතක් මරුට:හයක් රෝහලට