
(කේ.ආර්. රාජමන්ත්‍රී)
කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ පසුවු එක් කාන්තාවක් මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක කාන්තාවකි.
මෙම අනතුරට මුහුණ පා ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පිරිසකි. වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
වැන් රථයේ රියදුරට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර වැඩිදුර විමර්ශණ කැප්පෙටිපොල පොලිසිය විසින් සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd