(අංජුල මහික වීරරත්න)
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇත.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.
අනුව ජනාධිපතිවරයා ලබන 17 හෝ 18 මහා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතය.
එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කළේය.
එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
1952සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"1952 සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජිණ වූයේ දෙවන එළිසබෙත් රැජිණයි" බලාගෙන ගියහම 1971' දී කොල්ලෝ කැරළි ගහලා අරගල කරලා තියෙන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධවනේ.. එහෙමනම් රජය පෙරලන්න හැදුවා කියන්නේ බොරු.
අරහේ හාමු එනකම් කට්ටිය බලාගෙන ඉන්නවා.
සුද්දන්ට වාල්කම් කිරීමේ තරගයක් තිබුණොත් එක්කො මෙයා පළවෙනියා නැත්නම් චන්ද්‍රිකා පළවෙනියා.
ගියාට කමක් නෑ තමුන්ගේ පෞද්ගලික සල්ලි වියදම් කරගෙන හොඳේ. කෙල වෙලා ඉන්න වෙලාවෙ ආධාරයක් වත් දුන්නෙ නැති උන්ට ගෙදරටම ගිහින් ගරු කරල එනව. තමුන් මැරුනු දවසට එයි එංගලන්තෙ මහ රජානෝ ලංකාවට.
රට විනාශ කරපු දූෂිත දේසපාලුවන්ටත් ඒ වගෙ දවසක් උදාවෙනකම් අපිත් බලාගෙන ඉන්නේ?
අන්න රජ පවුලේ අය තීරණයක් අරගෙන . ඔබතුමා ආවේ නැත්තං මරණය අස් කරන්නේ නැහැයි කියල . හනික යන්න .
රට වෙනුවෙන්. ඔබතුමා යන එක හොඳයි. එංගලන්තයට යටවෙලා හිටියා කියලා අපිට නරකක් සිදු වුණේ නැහැ. එහෙම නොවුණා නම් අපි තවමත් වැද්දන් වගේ ජීවත් වෙන්නේ සත්තුන්ගේ පිටඋඩ යමින්. පාරවල් හදලා දුම් රිය. හඳුන්වා දීලා කතා කරන්න... අලුත් භාෂාවක් හඳුන්වලා... මනුස්සයින් වගේ ජීවත් වෙන්න පුරුදු කෙරුවේ... සුද්දයි. දැන් ඒ සේරම ඉවරයි. මිනිස්සුන්ට මග යන්න පණ නැති ගානට බිමට දැම්මා. අපේ ඩුප්ලිකේට් රජ්ජුරුවනුයි. පවුලේ කට්ටියයි. ඇයි දන්නැහැ රජ්ජුරුවන් සෝකය ඵලකෙරුවේ නැත්තේ...? මල්ලිගේ රට පැනිලිවලින් දැනගත්තා. ඒ ගොල්ලන්ට පිළිගැනිමක් නැහැ කියලා. දැන් හුළං බැහැලා තියෙන්නේ... රනිල් ගැටදමලා සල්ලි හොයාගත්තාට පස්සේ... වේදිකාවට නගියි. දැන් සැපද? කියලා අහගෙන... නැවත වාරයක් රට කන්න.
කීදෙනෙක් යනවද?