(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන් දහදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවද දැනගන්නට ඇත.
නාමල් රාජපක්ෂ,රෝහිත අබේගුණවර්ධන,සී බී රත්නායක ,පවිත්‍රා වන්නිආරච්චි,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,විමලවීර දිසානායක ,ආචාර්ය සරත් වීරසේකර , එස් එම් චන්ද්‍රසේන ඇතුළු දහ දෙනකුගේ නම් පොහොට්ටුවෙන් යෝජනා කර ඇති අතර,ජීවන් තොණ්ඩමන් සහ ඒ එල් එම් අතාවුල්ල යන මහත්වරුන් සෙසු පක්ෂ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනටමත් යවා ඇතැයි දැනගන්නට තිබේ .
නව කැබිනට් මණ්ඩලය මේ සතියේ දී පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
අමාත්‍යවරුන් පත්කිරීමේ දී විෂය පථයන් වෙනස් වන බැවින් ,කැබිනට් මණ්ඩලයම යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද පැවසේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇති තවත් නම් දෙකකට ඇතැමුන්ගේ විරෝධය පළ වී ඇති බවද පැවසේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලකරපුවා ඔක්කොම වතුරේ. ඔන්න ආයෙත් පරන සෙට් එකටම ඇමතිකම් දෙන්නයි යන්නෙ. රටට මොනවා උනත් රට කා දැමීමට ඇමති රොත්තක්ම පත්කර ගන්නවා.
මේකද කියපු වෙනස?
ශහ්! ටොපේ ටොප්නේ... දැන් ඉතින් රනිල් රාජපක්ෂ මහත්තයා, රාජපක්ෂ වරුන්ගේ අභිමතය සියයට සියයක්ම ඉටු කළා. අපි ඊළග ඡන්දෙන් පුළුවන් ලංකාව මයිනස්ම කරන්න. රාජපක්ෂලාගේ ටිකිරි මොලේ තරම. රනිල් අපට... අපි රනිල්ට.
කපුටු රොබෝවක් ජනාධිපති වුණත් අනෙකුත් ඔක්කොමලා පොහොට්ටුවේ එවුන්මයි. අඩුම තරමින් වජිරටවත් නැහැ. මේ අතරෙ ගෝඨාභය කියනවා රනිල්ට ජනාධිපති තනතුර දීමෙන් ඉන්දියාව තරහවෙලා ඇති කියලා. එහෙම හිතන මිනිහා නැවතත් බලය ගනී කියලා හිතෙනවා. මෙහෙම ගියොත් නිර්පාක්ෂික අයගේ අපේක්ෂා මුදුන්පත්වන විශාල බල පෙරලියක් 2024 දී අනිවාර්යයෙන් වෙනවා කියන්න පුළුවන්...!
රනිල් ඔබ විධායක ජනාධිපති වශයෙන් මෙය නොකළ යුතුයි. රටේ තියන සාමකාමී බව නැතිව නැවත අරගල පටන් ගනියි. රාජපක්ෂ සහ ඔවුන්ගේ ගෝලයින් ජනතාවට වහකදුරු වේ.
රට බංකොළොත් කරපු කාලකණ්ණි හැතිකරේ රට විනාශම කරනවා.
මම මුලින්ම කිව්වා, රනිල් මේ රට තවත් අගාධයටම ඇදදමලා තමයි ඉවර කරන්නේ කියලා.. මේ පටන් ගැන්ම විතරයි.
අරගලේ කෙරෙුවෙ ඇයි කියලා දැන්වත් දැන ගන්න.
අරගලයට බැනපු අයට නම් දැන් සැප ඇති...
"සේම් ශිට්, ඩිෆරන්ට් ඩේ"
දූෂිත දේශපාලුවන්ට ආයෙමත් ඇමැතිකම් පුදන්න වගේ හදන්නේ... ජනපති වෙන්න කරපු සේවෙට නොසලකා බැරුව ඇති...
අප්පද බොල..!!!. ඕනම දේකට අත උස්සන්න 220 ක්ම ඉන්නවනේ දැන්...