(අජිත්ලාල් ශාන්තඋදය)
ගෙවුනු මාස අටක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 500 ක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 09දා ඔහු මේ බව පැවසීය.
මෙම තත්ත්වය බරපතල කාරණයක් බව ද ඔහු සඳහන් කළේය. ගෙවුනු මාස දෙක තුල විදෙස් ගතවුණු වෛද්‍යවරු බොහෝ දෙනෙක් විදෙස් ගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමකින් තොරව බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
ඒ හේතුවෙන් මේ වනවිට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තියකයන්ගේ ගණන පනහකට වැඩි බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය. වෛද්‍යවරුන් විදෙස්ගතවීම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට තදින් බලපෑම් ඇති කරන්නක් බව කී ඔහු රටේ අහිංසක දුප්පත් ජනතාවට මේ තත්ත්වය තදින් බලපනු ඇතැයි ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඔවුන්ට අධ්‍යාපනය සඳහා රටෙන් කල වියදම පොලියත් එක්කම අයකර ගන්න. නිදහස් අධ්‍යාපනය හරහා සියලුම වරප්‍රසාද අරගෙන එයින් රටට සේවයක් නොකරනවා නම් සහ මෙහෙන් ඉගෙන ගෙන ගිහින් එහෙ ට සේවය කරනවා නම්. මේ රටට උපන් දා ඉඳල කරපු වියදමට යමක් ලැබිය යුතුයි.
පුදුමයක් යැ. යන්න එන්න තැනක් නැති, කර කියාගන්න ක්රමයක් නැති අපි, අමනයන් රැලක් රටකරවන මේ රටේ කූඩු වෙලා හිටියට.
මම නම් පුදුම වෙන්නේ නෑ. අපි යාගන්න බැරි කමට හිටියට පුළුවන් හැම කෙනාම යනවා. ලංකාවේ කවුරු ආවත් රට පාලනය කරන්නේ හැමදාම තියෙන අමන ක්‍රමයටම තමයි.
ඔයිට වැඩිය ඇත්ත ඇති සැටියෙන්ම කිව්ව නම් හොඳ නැද්ද. සමහර සංගම්වලට බැදෙන්න අකැමති කට්ටිය මොකද කරන්නේ. ගරු අධිකරණය දැනට විභාග වෙමින් පවතින අර නිලතල නඩුව? එතකොට එතෙර පුහුණුවෙන් පසු මෙරටට ආපහු පැමිනියට මුල් බැසගත්ත උදවිය කරන සැලකිලි. තව තව දේ තියනවා. ඔක්කොම මාධ්‍ය තුළින් දුටු දේ. ඔය ඉහත සඳහන් කරුණු හා අනිකුත් මාෆියා සක්කිලි නිසා රට හැර ගිය කට්ටියත් ඔය ගොඩට අයිතිද?
මහජන බදු මුදලින් නඩත්තු වෙන විශ්ව විද්‍යාල තුල වැඩිම වියදමක් දරන්නේ වෛද්‍යවරුන් පුහුණු කිරීමටයි. ඒ වෙනුවෙන් මහජනයාට සේවය කිරීම වෛද්‍යවරුන්ගේ යුතුකමකි. මෙවැනි තත්වයක් මත රටේ වෛද්‍යවරුන්ගේ සැපයුම වැඩි කිරීම සඳහා පුද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධිදාරීන් බිහි වීමට ඉඩ දිය යුතුයි. කෙටි කාලීනව, පවතින පුරප්පාඩු සපුරාලීම සඳහා ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශ වැනි රට වල වෛද්‍යවරුන්ට ලංකාවේ සේවය කිරීමට ඉඩ දිය යුතුයි. මහජන සෞඛ්‍ය සේවා නිසි අයුරින් පවත්වා ගැනීම රජයේ වගකීමක් වන අතර, ඊට අවශ්‍ය දැඩි පියවර ගැනීම රජයේ වග කීමයි.
පසුගිය අවුරුදු 2 තුළ කොරෝනා සහ ඩොලර් ප්‍රශ්න නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් විදේශ ගතවුණේ ඉතා අඩුවෙන්. දැනට රටේ ඉන්න දොස්තරලටත් විදෙස් ගත වුණොත් ඉදිරි අවුරුදු 5-10 තුළ අපට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේකට විසඳුම සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වාහාම රට තුළ ස්ථාපිත කිරීමයි.
සයිටම් වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැවත පිහිටුවන්න.
ඔය පිටරටවල් ලංකාවේ වෛද්‍ය විභාගෙ පිළිගන්නේ නැහැ. ඒ රටවලට ගිහින් ඒ වෛද්‍ය විභාග කළේ නැතිනම් ටැක්සි එළවන්න වගේ වැඩක් කරන්න තමයි වෙන්නේ.!
කාටවත් ඉගෙන ගන්ඩ එපා කියලා නෑ .අපිත් මහන්සි වෙලා ඉගෙන ගත්තේ ඒක ට කෝ වටිනා කමක් මේ රටේ ?
මේ බංකොළොත් රටේ අන්තිමට ඉතුරු වෙන්නේ වහල්ලු විතරයි..
රට යන්නේ වෛද්‍යවරු පමණක් නොවේ. ඕනෑම වෘත්තියක කෙනෙක් මේ වෙලාවේ පුළුවන් නම් රට යනවා. මේ ප්‍රතිචාරත් දාන අය යනවා. මගේ නිගමනය හැමෝම මේ රට දාලා යන්න...
ජනතාව දේසපාලුවන්ව බලයට පත්කෙරුව් මහජනතාවට සේවය කරන්ඩ මිසක් උන් උන් හොරාකාලා සැප වින්දිනවා දකින්ඩ ද? දොස්තරලාට විතරක් නෙවෙයි ,කන්ඩ,බොන්ඩ නැතුව පෝලිම් වල දුක් වින්දින හැමෝම හිතනවා ඇතී වෙන රටකට යන්ඩ තිබුනා නම් හොන්දා කියලා.
අර පාදෙණිය කියන සියල්ලදත් වගේ හැසිරුණ දොස්තරත් රට හැර ගිහිල්ලද නැත්තන් ලැජ්ජාවෙ එලියට බැහැගන්න බැරුව හැංගිලද?
වෛද්‍යවරුන්ගේ ම පමණක් නොවෙයි රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබලා පිටරට ස්ථිර පදිංචියට හෝ පුරවැසිභාවයට යන සියලු දෙනාගෙන්ම පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා වියදම් කරපු මුදල පොලියත් සමග අයකර ගත යුතුයි. ඊට අමතරව ද්ගලික විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයක් සමග ශ්‍රී ලංකාව තුළ පිහිටවීමට නීතිය මගින් ඉඩ සලසා දිය යුතුයි. දොස්තරලාගේ වෘත්තීය සමිති ද්ගලික අධ්‍යාපනයට අකුල් හෙලන්න තමන්ගෙ අයුතු ලාභ ප්‍රයෝජන සඳහා තමයි. GMOA එකෙ යුතු ඉල්ලීම් සියල්ල සම්පූර්ණයෙන්ම මර්දනය කළ යුතුයි.
වෛද්‍යවරුන්ට පමණක් නොව බොහෝ අය රටගැක කලකිරීමෙන් ඉන්නෙ. ඒතට හේතුව ජීවත්වීම මහා වධයක් වෙලා තිබීමයි. පාලකයින් රටගැන හිතන්නේ නැතිව තමතමන්ගේ මඩි තරකරගන්නවා. ජකතාවගේ බදුමුදල් වලින් ඔවුන් සැප විදිනවා. හොරකම වංචාව දූෂනය මිසක් රට ගොඩනගන්න වුමනාවක් ඇත්තෙම නෑ. ඒ ගැන නිවැරදි දැනුමකුත් නෑ. එහෙම වෙනකොට කවුද රටේ ඉන්න කැමති. පුළුවන් අය පිටරට යනවා. GMOA එක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට හරස්වුනා. සල්ලි තිවෙන අයට වත් ඉගෙන ගන්න තිබුන අවස්ථාව නැතිකලා.වෛද්‍යවරුන් රටහැර යන හේතුවට ප්‍රතිකාර මිස රටගයනවා කියල කෑගැහුවට වැඩක් වෙන්නේ නෑ.
මට පුලුවන් උනා නම් මම යනව නෙවෙයි, දුවනව.. අපෙ කරුමෙට ඒ අය පලි නැහ.
දොස්තරවරුන්ම පමණක් නොවේ.., සෑම කෙනෙක්ම ඇයි රට හැර යන්නේ කියන තේමාවට පිළිතුරක් තමයි, රට මෙතරම් ආර්ථික අහේනියකට මුහුණ දෙන්න වීම... අන්න එතැනින් නේද විමසුම් කරන්න ඕන..? ඉන්දියාවෙන් කී දාහක් උසස් අධ්‍යාපනයට විදේශගත වෙනවාද? ඒ අය පාඨමාලාව අහවර වී වසර 4ක් 5ක් ඉහළ වැටුපක් ලබන රැකියාවක් කර මුදල් තම රටට එවනවා. නැවත තම රටට පැමිණ ඉගෙනගත් දේ රටට දායාද කරනවා. ඒ ක්‍රමයට අපේ රට හුරු කරවන්න ඕනෑ. අනිවායර් ගිවිසුම් ඇති කරන්න ඕනෑ. විදේශීය රටකට උසස් අධ්‍යාපනයට යාමට පෙර පාර්ලිමේන්තුවේ සාමාඡිකයින්ට උතුරා යන ආර්ථික පහසුකම් සැලසීමත්, ඔවුන්ගෙන් රටට වෙන යහපතක් නැතිවීමත් මේ තේමාවට ප්‍රධානම හේතුවයි.
මම දන්නා විදියට ලංකාවේ වෛද්‍යවරුන් මොන රටට ගියත් වෙනම විභාගවලට ඉදිරිපත් වෙන්න ඕනෑ අතින් වියදම් කරගෙන, ඒවා ඉවර වෙනකම් රැකියාව කරන්න බැහැ. මේවා කරන්න කාලයත් යනවා සෑහෙන... සමහර රටවලින් එහෙමවත් ගන්නේ නැහැ.
ඉතා ඉක්මනින්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරන්න. එතකොට වෛද්‍යවරු හිගයක් දැනෙන්නේ නෑ . රට යන්න හැමෝටම ලැබෙන වරප්‍රසාදය වගේම හුගාක් අයට වෛද්‍යවරු වෙන්න අවස්ථාවක් ලබා දෙන්න.