(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
රාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවැති මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවකදී ද ප්‍රකාශ කර ඇත
මෙසේ පාඩු ලබන රාජ්‍ය සංස්ථා මණ්ඩල අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම,ලංකා විදුලිබල මණ්ඩලය,ශ්‍රී ලංගම,ඇතුළු ආයතන ප්‍රධාන තැනක් ගන්නා බව ද පැවසේ.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද රජය මේ වන විට අවධානය යොමු කර ඇත්තේ,එම ආයතන ලබන මෙම දැවැන්ත පාඩුව රජයට තවදුරටත් දරා ගත නොහැකි බව පවසමිනි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම නාස්තිය දූෂනය අනවශ්‍ය පරිදි සේවකයන් බදවාගැනීම සංස්ථාවල පාඩු ඇතිවීමට හේතුවී ඇත.
The accountable should be penalized, first !
පුදුමයි. ඔය එකක්වත් මහජනතාව මුදල් නොදී අරගෙන නෑ. ඕවායේ ඉන්න වන්දි බට්ටයින්ට පඩි, අමතර දීමනා, සැප කාර්, ඉන්ධන දීමනා, නිකං පිටරට ටුවර් පවුල් පිටින් යන්න, ඔන්න ඕවායින් තමයි පාඩු ලබන්නේ. ඡන්දයක් ඉවර වුණු ගමන් පත්වෙන ඇමතිගේ නූගත් හෙන්චයියලා පුරවනවා. මේ ක්‍රමය වෙනස් නොවෙනකම් අපේ රට ඔතැනමයි. දැන් කොහොමත් උගත් දරුවන් රොත්ත පිටින් පිටරට යනවා. ඉදිරියේදී හිතාගන්නකෝ තවත් හොරු පාර්ලිමේන්තුවේ ඉන්න යන විදිය. දුකයි අපේ රට ගැන...!
අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන හැර අනිකුත් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වසා දැමීම තමයි කළ යුත්තේ. සමහර තැන්වල එක ආයතනයකින් කරගත්ත හැකි වැඩ කොටස තව ආයතන කීපයකට ගොස් නැවත මුල්ම ආයතනයට පැමිණ නිම කළ යුතු වේ. පාඩු ලබන බොහෝ ආයතනවල අනුයුක්ත කර ඇත්තෙ දේශපාලු හෙංචයියන්.
මෙම ආයතන පාඩු ලැබීමට හේතුව පාලකයින් ලෙස දේශපාලන සහ ඥාති සබදතා මත අදක්ෂ පුද්ගලයින් පත් කිරීම , එම ඉහළ නිලධාරීන්ට අධික වැටුප් ගෙවීම, ආයතන පාඩු ලැබූවද වාර්ෂික බෝනස් ගෙවීම , වාර්ෂිකව සේවක වැටුප් වැඩි කිරීම , සේවක අතිරික්තය , වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයන් අනුව ආයතන මෙහෙයවීම යන හේතුවී ඇති බවක් පෙනී යන බැවින් කවුරුන් විරුද්ධ වූවද පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ( මහ බැංකු අධිපතිවරයාට රටේ ජනතා ප්‍රසාදය.)
අධ්‍යාපනය හා සෞඛ්‍යය හැර සෙසු සියල්ල ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.
ආසියාවේ ආශ්චර්ය සෞභාගයේ දැක්ම ඔය පේන්නෙ හොඳට.
මේවා වහලා දාන්න. ජනතාවට වද නොදී මේ ආයතන නෑ කියලා ලොකු පාඩුවක් වනේන නෑ. මේවා උස්සන් යන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ හාල් ඇටෙන් පරිප්පු ඇටෙන් පාන් රාත්තලෙන් ගහන බදුවලන්.
දේසපාලුවන්ගේ හෙන්චයියලට සබාපතිකම් දුන්නා.නුසුදුසු පුද්ගලයන්ට තනතුරු දුන්නා. වැඩි පඩි ගෙව්වා. නාස්තිය ,දූෂණය, පින් පඩි කාරයො, නිසා රාජ්‍ය ආයතන බන්කොලොත් වෙන එක අරුමයක් ද?