(අංජුල මහික වීරරත්න)
බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා කිලෝ 50 ක මිටියක් රුපියල් 15,000 ක මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ කන්නයේ බඩ ඉරිඟු වගාව සදහා බීජ බෙදාහැරීම අනුරාධපුරය පුලියන්කුලම ගම්මානයේ දී අද ඇරැඹුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
මහ කන්නයේදී හෙක්ටෙයර් 60,000ක බඩ ඉරිඟු වගා කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බඩ ඉරිඟු බීජ බෙදා හැරුණු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙවර මහ කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 2000 කට බඩ ඉරිඟු බීජ බෙදා දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි සෑම දෙයක්ම මෙරට වගා කිරීම සහ හැකි සෑම දේම නිෂ්පාදනය කිරීමට පමාවී හෝ දැන්වත් අරඹමු.
පොහොර මිටියක් රුපියල් 15000ට අරන් වගාකරන්න පුළුවන්ද?