(නිමල කොඩිතුවක්කු)
පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ දමිතා අබේරත්න වැනි කලා ශිල්පිනීයන්, තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීම බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
එවැනි ප්‍රචණ්ඩත්වයකට කිසිසේත් ඉඩදිය නොහැකි යැයිද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
තම තමන් විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී මතයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ආණ්ඩුවකට හෝ කිසිවකුට උල්ලංඝනය කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ඒ වෙනුවෙන් විපක්ෂය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඒ පිළිබඳව නිරන්තරව සොයා බැලිය යුතුයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී ඔබ සමග වාද කළ එක් මන්ත්‍රීවරයෙකු කීවා වැරදි කළා නම් දඬුවම් විඳිය යුතු බවයි. එසේ නම් ඔවුන්ද මේ රටට සහ මිනිසුන්ට කළ බලවත් අපරාධයට දඬුවම් විඳිය යුතුයි. ඔන්චිල්ලාව දෙපැත්තටම යා යුතුයි. ඒ පිළිබඳව මතක් කර දෙන්න.
ඔහොම කියලා හරියන්නේ නැහැ. ඕක කියමනක් විතරයි. ජනතාවත් සමග පාරට බහින්න මැද මූලනේ ගෙදර වටලන්න ලොකු කට්ටිය බයයි.. ලැජ්ජයි අත්අඩංගුවට ගන්න. උසස්වීම් ගත්තු කට්ටිය, පගා ගත්තු කට්ටිය, නූගත් දරුවන්ට සහතික සමග රැකියා ගත්තු අය... ඔය වගේ... දොල පිදෙනිකාරයින් තමයි... නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඒකයි... කාලකන්නි මුළු පවුලම අත්අඩංගුවට ගන්නකම්... ජනතාවත් සමග පාරට බහින්න. රටදියුණු කරලා වැඩක් නැහැ. දැන් මේ ඇමැති පට්ටම් ගත්තු අය සේරම එකතුවෙලා පොහොට්ටුව ගේනවා. ඒ කියන්නේ නාමල් බේබි තමයි. නායකයා රනිල්ට යනඑන මන් නැතිවෙනවා. සේරම කපුටන්, මයිනන් කොටන්න ගන්නවා. එහෙම දෙයක් වෙන්න කලින් මේ පවුල කුඩු කරන්න ඕනෑ..
හා..! එහෙම නම් කියන්නකො බලන්න ඔයාගේ සහෝදරිත් කරපු දේ රටටම...! ඒවගේම දමිතා... හිරුණිකා ඒ දිනවල නටපු හර්තාල...! ලැජ්ජයි හලෝ ඔයා විපක්‍ෂ නායකයකු හැටියට කියන කතා...රට මේ වැටිලා තියෙන වෙලාවේ...! ඔවා දෙනු පර-ගැතියට තමා සම්මුතිය පිහිටා සිට...!
මොන පරීක්ෂණ ද? රාජපක්ෂලාට පින්සිද්ද වෙන්ඩ පින් ජනපති වෙච්චි රනිල් එයාලව හොන්දින් බලාගෙන ආරක්ෂාව සපයනවා ඇති .