(සුජිත් හේවාජුලිගේ )
රජයේ ඇමති මණ්ඩලය හන්දි වල සිටින පිනට ඇරපු වහු (වස්සන්) කණ්ඩායමක් වගේ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රාජ්‍ය ඇමතිවරුන් නඩත්තු කිරීමට රටකට දරාගත නොහැකි අසීමිත මුදලක් වැය කරන බව සඳහන් කළ දිසානායක මහතා ඔවුන් නිදියන්නේද ආණ්ඩුව දෙන ඇඳක බව ප්‍රකාශ කළේය.
කෑම කන්නේද ආණ්ඩුවේම ගෑරුප්පුවක බව ඔහු පැවසීය.
රාජ්‍ය ඇමති වරයෙකුගේ දුරකතන වෙනුවෙන් රුපියල් 40,000ක් පමණ වැය කරන බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට දේශපාලන මන්ත්‍රීකම්, මැති ඇමැතිකම් යනු රටේ ජනතාවට බරක් වෙමින්, ජනතා බදුමුදල් මේ අයුරින් භුක්ති විඳින පිරිසක්ද?
ඔයා නම් ඉතින් අපේ පවට ඉන්න හරකෙක් නේ.
නැහැ නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නේ නැවත නැවත එකම කට්ටිය පත්කරලා යවන ඡන්ද දායකයෝ තමයි හරක් රැළ කියලා.
ඔිගොල්ලන්ට කියන්නේ, මමත් ඉතින් 2001 ඉඳන්ම ඒ කුලකයේ තමයි...!
ඔයා හිතන් ඉන්නේ ඔයා හෙන පොර කියලා නේද?
අනුර ඔයා මේ මොනව කිව්වත් මේක හදන්න බැහැ. නිකන් දඟලන්නේ නැතුව කොහේ හරි රටකට ගිහිල්ලා සන්තෝසෙන් ඉන්න. මට පුළුවන් නම් මම නම් කරන්නේ ඒක. ආයේ මේ පැත්ත බලන් බත්වත් කන්නේ නැහැ.
ඔයත්, ඔයාගෙ නඞයත් ඔය ඡාතියෙම හරක් තමයි,
කිසිම වගකීමක් ගන්නෙ නැතුව සුදන වගේ ඉඳන් කියව කියව ඉඳලා ඊලඟ පාර ජනාධිපති වෙයි කියල හිතන් ඉන්න ිඑකෙක්. උඹල තමයි කාලකන්නි වගේ අපේ රටට පත් වෙන්න හිටපු නායකයො තරුණ කාලෙම ටයර් සෑයවල් වල යැව්වෙ 88-89. ඒක නිසා තමයි අද අපේ රටට හරි හමන් නායකයෙක් නැත්තෙ. ඒ මැරිච්ච කොල්ලො කෙල්ලො 60,000 හිටිය නම් උන් නායකත්වය අරන් ලස්සන රටක් අපිට හදල මෙලහකටත්. එහෙනන් උන් කවදාවත් ගොබ්බ දේශපාලුවන්ගෙ පුත්තුන්ට බූදලේ හදල දෙන දේශපාලනේ කරන්න දෙන්නෙ නෑ මේ රටේ. ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඒ ක්‍රමේට බලේ ගන්නෙ නැතුව එදත් ලේ හලලා, කොල්ල කාලා, මරලා දේශපාලනේ දිනන්න පුලුවන් කියල පොඩිඋන් ටික එදත් රවට්ට ගත්තා. අදත් ඒකමයි වෙන්නේ අරගලේ කිය කිය.
ලංකාවේ ඉන්න වහල්ලුන්ට, රටට මොනවා වුණත් කමක් නැහැ.
අනේ මේ පිනට ඇරපු හරකුන්ට අපහාස කරන්න එපා. ඔවුන් ගොඩක් වටිනවා.
මෙතන කොටලා තියෙන අදහස් දැක්කම මේ රටේ ඉන්න වහලුන්ට අදට වඩා හොඳ රටක් මොකටද කියලා හිතෙනවා.
ඇමතිලට වෙන් කරන මුදල්වලින් ගොවීන්ට කිරි හරක් බෙදුවනම් අවුරුදු 5කින් රට දියුනු වෙනව. මේ අපතයො ලොකෙටම බරක් .
සමහර අයගේ ප්‍රතිචාර දැක්කාම හිතෙනවා ඔවුන් ස්වාසිලන්තයෙන් ලංකාවට ආපු අයද කියලා.. මොන මගුලක් වුණත් ඔවුන්ගේ වහල් මානසිකත්වය නැති වෙන්නේ නැහැ. කවදා හරි ඔවුන්ට ගහන්නේ ඔවුන්ගේ දරුවෝමයි.!