(නිමන්ති  රණසිංහ සහ  සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පොලිස්  කොට්ඨාශයේ නිලධාරින්ගේ   මානසික ශක්තිය වර්ධනය  කිරිම සඳහා විශේෂ වැඩ සටහන්  මාලාවක් එම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත.

මෙහි  පළමු පියවර ලෙස මානසික ශක්තිය වර්ධනය කිරීමට අදාළ උපදෙස් ඇතුළත්  විශේෂ දේශනයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.

මනෝවිද්‍යාව පිළිබඳ  ප්‍රවීණයකු වන මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මෙම දේශනය පැවැත්වීය.

පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරිහු රැසක් මෙම වැඩසටහනට සම්බන්ධ වූහ.

ජීවිතයේ අභියෝග ජයගැනීම, මානසික තත්වය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම, රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කිරීම, මනස ලෙඩ නොකර ස්ථාවරව පවත්වාගෙන යෑම යනාදී කරුණු පිළිබඳව  මෙහිදී පොලිස් නිලධාරින් පුළුල්ව  දැනුවත් කෙරුණු බව එම පොලිස් කොට්ඨාශය පවසයි.