
(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පිල් වතු ගම්මානයේ නිවසක ජීවත්වු මවක හා දියණියක නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
නිවසේ පදිංචිව සිටි එච්.එම් රංමැණිකා මව (80) හා අවිවාහක කාන්තාවක වන ආර්.එම් ජයවතී (55)දියණිය නිදි මහනේ සිටියදීම කපා කොටා ඝාතනය කර තිබෙන අතර නිවසේ වෙනත් කාමරයක සිටි බව කියන තවත් දියණියක් වන ආර්.එම් මිසිනෝනා (60) කැපුම් තුවාල හේතුවෙන් බරපතල තුවාල ලබා සිටියදී බදුල්ල මහ රෝහලට රෝහල් ගත කර තිබේ.
ස්වාමියා මිය ගිය පසු ඝාතනයට ලක්වු 80 හැවිරිදි සය දරු මව ගැලන්ඇල්පිල් තේ වත්තේ කර්මාන්තශාලාවක රැකියාව කරමින් දියණියන් දෙනෙකු සමග නිවසේ ජීවත්ව සිටියදී මෙම ඝාතනය සිදුව තිබේන බව පොලිසිය කියයි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'80 හැවිරිදි වත්තේ වැඩ කරන මව'..... රටක ආර්ථිකය මේ තත්ත්වයට වැටී තිබීමට තව උදාහරණ උවමනාද? ඇමති කෙනෙකුගේ ඉන්ධන දීමනාව පමණක් මාසයකට ලක්ෂ 10 ට වැඩියි..
මොවුන් මිනිස්සුද
මිනිස්සු එන්න එන්න දරුණු වෙනවා
නැවත නැවතත් සිහිකළ යුත්තේ රටේ නීතිය යාවත්කාලීන වී වැරැදි කරුවන්ට වහවහා දඬුවම් ලැබය යුතු බවයි. අපරාධකරුවන් නීතියට සත පහක් බයක් නෑ. මොන අපරාධය කළත් මුදල් මත යැපෙමින් කෙස් පැලෙන තර්ක යොදා තමන් බේරා ගැනීමටද කළු කබා කරුවන් සිටින වගත්, අවුරුදු කීපයකට සිරගෙට ගොස් රටේ අහිංසක ජනයාගේ බදු මුදලින් කා බී නැවත ඇවිත් රිසි සේ විසිය හැකි වගත් ඔවුන් දනී..
අද පොලිසියක් තිබුනාට, පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. කෙනෙකුගේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට ඉඩ දිය යුතුයි.
කෝ රටේ පොලිසිය? සාමය රකින ත්‍රිවිද හමුදාව? හොර අල්ලස් කරුවන්ට විරුද්ධ තරුනයින්ව අල්ලා හිරකරනවා ඇරෙන්න හොරු රටකාපු දේසපාලුවො මිනිමරුවො නිදහසේ.
අද පොලිසියෙන් වැඩක් නැත. දැන් තියෙන්නේ තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලස්වා ගැනීමයි.
රට අද මේ තත්වයට පත්කරපු නන්දසේන සහ පොහොට්ටුවේ සෙට් එක ඉන්නකන් රට ඉවරයි.