IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මව සහ දියණිය කපා කොටා මරා දමයි

(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පිල් වතු ගම්මානයේ නිවසක ජීවත්වු මවක හා දියණියක නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

නිවසේ පදිංචිව සිටි එච්.එම් රංමැණිකා මව (80) හා අවිවාහක කාන්තාවක වන ආර්.එම් ජයවතී (55)දියණිය නිදි මහනේ සිටියදීම කපා කොටා ඝාතනය කර තිබෙන අතර නිවසේ වෙනත් කාමරයක සිටි බව කියන තවත් දියණියක් වන ආර්.එම් මිසිනෝනා (60) කැපුම් තුවාල හේතුවෙන් බරපතල තුවාල ලබා සිටියදී බදුල්ල මහ රෝහලට රෝහල් ගත කර තිබේ.

ස්වාමියා මිය ගිය පසු ඝාතනයට ලක්වු 80 හැවිරිදි සය දරු මව ගැලන්ඇල්පිල් තේ වත්තේ කර්මාන්තශාලාවක රැකියාව කරමින් දියණියන් දෙනෙකු සමග නිවසේ ජීවත්ව සිටියදී මෙම ඝාතනය සිදුව තිබේන බව පොලිසිය කියයි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (8)

මව සහ දියණිය කපා කොටා මරා දමයි

කරුනාජීව Saturday, 10 September 2022 12:17 PM

'80 හැවිරිදි වත්තේ වැඩ කරන මව'..... රටක ආර්ථිකය මේ තත්ත්වයට වැටී තිබීමට තව උදාහරණ උවමනාද? ඇමති කෙනෙකුගේ ඉන්ධන දීමනාව පමණක් මාසයකට ලක්ෂ 10 ට වැඩියි..

:       2       36

kamalweerasekara Saturday, 10 September 2022 01:45 PM

මොවුන් මිනිස්සුද

:       0       21

himakarakasun Saturday, 10 September 2022 01:49 PM

මිනිස්සු එන්න එන්න දරුණු වෙනවා

:       0       20

කිරි පුචා Saturday, 10 September 2022 03:17 PM

නැවත නැවතත් සිහිකළ යුත්තේ ර⁣⁣ටේ නීතිය යාවත්කාලීන වී වැරැදි කරුවන්ට වහවහා දඬුවම් ලැබය යුතු බවයි. අපරාධකරුවන් නීතියට සත පහක් බයක් නෑ. මොන අපරාධය කළත් මුදල් මත යැපෙමින් කෙස් පැලෙන තර්ක යොදා තමන් බේරා ගැනීමටද කළු කබා කරුවන් සිටින වගත්, අවුරුදු කීපයකට සිරගෙට ගොස් රටේ අහිංසක ජනයාගේ බදු මුදලින් කා බී නැවත ඇවිත් රිසි සේ විසිය හැකි වගත් ඔවුන් දනී..

:       0       0

nimal Saturday, 10 September 2022 05:15 PM

අද පොලිසියක් තිබුනාට, පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. කෙනෙකුගේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට ඉඩ දිය යුතුයි.

:       1       4

Raja Saturday, 10 September 2022 05:17 PM

කෝ රටේ පොලිසිය? සාමය රකින ත්‍රිවිද හමුදාව? හොර අල්ලස් කරුවන්ට විරුද්ධ තරුනයින්ව අල්ලා හිරකරනවා ඇරෙන්න හොරු රටකාපු දේසපාලුවො මිනිමරුවො නිදහසේ.

:       0       4

kamal Saturday, 10 September 2022 07:47 PM

අද පොලිසියෙන් වැඩක් නැත. දැන් තියෙන්නේ තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලස්වා ගැනීමයි.

:       0       3

fairoos Sunday, 11 September 2022 01:43 PM

රට අද මේ තත්වයට පත්කරපු නන්දසේන සහ පොහොට්ටුවේ සෙට් එක ඉන්නකන් රට ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site