IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඩු අල්ලන්න ගිය පොලිසියට කුඩ්ඩන්ගෙන් ප්‍රහාරයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී පිරිසක් එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

පුත්තලමේ සිට කොට්ටුකච්චිය ප්‍රදේශයෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනිමට පැමිණ අදාල සැකකරුවන් යතුරු පැදිවලින් රැගෙන යමින් සිටියදි මහ මග රැදි සිටි තරුණයන් පිරිසක් සිවිල් ඇදුමින් සිටි පොලිස් නිළධාරින් සමග බහින් බස් විමක් ඇතිව තිබු බව කියයි.

එයින් පසුව මෙම සැකකාර තරුණයන් පිරිස සිවිල් ඇදුමින් සිටි විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට යකඩ පොලු හා ලි මුගුරුවලින් අමානුෂීක ලෙස පහර දී ඇති බව කියයි.

මෙසේ ප්‍රහාරයට ලක්වු පොලිස් නිළධාරින් කඩිනමින් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබු බව කියයි.

පුත්තලම රෝහල බලධාරියෙක් පවසා සිටියෙ පහර කෑමට ලක්වු පොලිස් නිළධාරින්ට මූලික ප්‍රතිකාර ලබා දිමේන් පසුව වාට්ටු වෙත නේවාසික ප්‍රතිකාර සදහා යොමු කල බවයි.

 



අදහස් (5)

කුඩු අල්ලන්න ගිය පොලිසියට කුඩ්ඩන්ගෙන් ප්‍රහාරයක්

Bamunuarachchi Sunday, 11 September 2022 08:01 AM

කුඩ්ඩන්ටත් ඒ වගේ දෙගුණයක් සලකලා පොලිසියට ගන්න ඇවිත් තුවාල කරගත්තා කියන්න. පොලිස්සියට ඕවත් වැඩද?

:       0       0

යෝගා Sunday, 11 September 2022 09:12 AM

කට්ටියම ආයුධ පෙන්නන්න එක්කන් යන්න...

:       0       0

ganegoda Sunday, 11 September 2022 11:52 AM

පොලීසියට ප්‍රහාර දෙන උන්ට වෙඩි තියපියව්. පලායන රථවාහන සහ පොලීසියට ප්‍රහාරදෙන සියලු දෙනාම මේ දඬුවමට යටත් විය යුතුයි.

:       2       14

Perera Sunday, 11 September 2022 02:29 PM

මේ දවස්වල පොලිසියෙන් ජනතාවට කරන හිරිහැර වල හැටියට නම් ගුටිකෑවත් කමක් නැහැ කියලත් හිතෙනව.

:       6       3

ganegodaSunday, 11 September 2022 03:26 PM

පාලකයන්ගේ සහ අණදෙන උසස් නිලධාරීන්ගේ එවැනි නියෝග ක්‍රියාත්මක කිරීමට සේවකයින්ට දොස් කියන්න බැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site