
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී පිරිසක් එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පුත්තලමේ සිට කොට්ටුකච්චිය ප්‍රදේශයෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනිමට පැමිණ අදාල සැකකරුවන් යතුරු පැදිවලින් රැගෙන යමින් සිටියදි මහ මග රැදි සිටි තරුණයන් පිරිසක් සිවිල් ඇදුමින් සිටි පොලිස් නිළධාරින් සමග බහින් බස් විමක් ඇතිව තිබු බව කියයි.
එයින් පසුව මෙම සැකකාර තරුණයන් පිරිස සිවිල් ඇදුමින් සිටි විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට යකඩ පොලු හා ලි මුගුරුවලින් අමානුෂීක ලෙස පහර දී ඇති බව කියයි.
මෙසේ ප්‍රහාරයට ලක්වු පොලිස් නිළධාරින් කඩිනමින් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබු බව කියයි.
පුත්තලම රෝහල බලධාරියෙක් පවසා සිටියෙ පහර කෑමට ලක්වු පොලිස් නිළධාරින්ට මූලික ප්‍රතිකාර ලබා දිමේන් පසුව වාට්ටු වෙත නේවාසික ප්‍රතිකාර සදහා යොමු කල බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩ්ඩන්ටත් ඒ වගේ දෙගුණයක් සලකලා පොලිසියට ගන්න ඇවිත් තුවාල කරගත්තා කියන්න. පොලිස්සියට ඕවත් වැඩද?
කට්ටියම ආයුධ පෙන්නන්න එක්කන් යන්න...
පොලීසියට ප්‍රහාර දෙන උන්ට වෙඩි තියපියව්. පලායන රථවාහන සහ පොලීසියට ප්‍රහාරදෙන සියලු දෙනාම මේ දඬුවමට යටත් විය යුතුයි.
මේ දවස්වල පොලිසියෙන් ජනතාවට කරන හිරිහැර වල හැටියට නම් ගුටිකෑවත් කමක් නැහැ කියලත් හිතෙනව.