IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දැල් පන්දු ශූරියන්ට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්

(අංජුල මහික වීරරත්න)

2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ.

පවතින අභියෝග නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන් තුළ තිබූ සමගිය සහ අපරිමිත කැපවීම නිසා බව ජනාධිපතිවරයා සුබපැතුම් පණිවුඩය යොමු කරමින් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන් ඇතුළු ක්‍රීඩාවට ඇල්මක් දක්වන සියලුදෙනාගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට දැරූ පරිශ්‍රමය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණක් නොව සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් බව ද එම පණිවුඩියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ තුළින් ශ්‍රි ලංකාවට කීර්තියක් අත්කර දීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවත්, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සියලු සාමාජිකාවන්ගේ ඉදිරි ක්‍රිඩා කටයුතු වෙනුවෙන් තමා ආශිර්වාද කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 



අදහස් (2)

දැල් පන්දු ශූරියන්ට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්

Perera Monday, 12 September 2022 05:54 AM

බෝල ගහලා දිනුවට ලංකාව ලෝකය ඉදිරියේ අනිත් හැම අතින්ම අන්ත පරාදයි. ඇත්තටම මෙහෙම දේවල්වලට උඩ පැනලා වැඩක් තියෙනවද?

:       3       0

randil Monday, 12 September 2022 10:00 AM

ක්‍රිකට් වලට තිබෙන තැන ඔවුන්ටට් දිය යුතු නේද,නිසි ඇගයීමක් නෑ,වටිනකමක් නැහැ,පුදුම කට්ටක් කාල ඔතනට අවෙ, ඔවුනට හුගාක් දේවල් විය යුතුයි,රජයෙන් මෙන්ම ජනතාවගෙන්

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site