IMG-LOGO

රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි

බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

රාජකීය මී මැසි පාලකයා ලෙස කටයුතු කරන්නේ 79 හැවිරිදි ජොන් චැපල් ය. එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව සහ මහ රැජිනගේ පුතු චාල්ස් කුමරු තෙවැනි චාල්ස් යන නමින් කිරැළ පැලැඳීම, මී මැස්සන්ට දැනුම් දීම සාම්ප්‍රදායිකව ක්‍රියාවලියක් යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.

රැජිනගේ අභාවය සහ චාල්ස් කුමරු කිරුළු පැලඳීම, බකිංහැම් මාලිගයේ සහ ක්ලැරන්ස් හවුස් මන්දිර ගෙවත්තේ මී මැසි ජනපදවලට දැනුම් දීම සිදුවූයේ කළු පැහැයෙන් යුත් රිබන් පටි එම මී මැසි ජනපදවල රඳවමිනි.

“ඒක රජ පවුලේ සම්ප්‍රදායට අනුව සිදුවන්නක්. මහ රැජිනගේ අභාවයෙන් පසු මී මැස්සන්ගේ නව ස්වාමියා තෙවැනි චාල්ස් රජු බව මී මැස්සන්ට දැනුම් දීමක්. මී මැස්සන්ට ජනපදයෙන් යන්න එපා යැයි මා පවසන්න ඕනෑ. මී මැසි ජනපදයට ළං වෙලා තට්ටු කරමින් මා ඒ බව ඔවුන්ට කියන්න ඕනෑ. සාම්ප්‍රදායට අනුව වැඩ සිදුවෙන්නේ එහෙමයි.” යැයි ජොන් චැපල් පවසා තිබේ.  

(රොයිටර්)



අදහස් (15)

රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි

kamal Saturday, 10 September 2022 09:11 PM

අපිත් ආණ්ඩුව මාරු වෙනකොට ලඟම තියෙන ගව පට්ටියට එක දැනුම් දෙනවා.

:       34       91

BamunuarachchiSunday, 11 September 2022 08:04 AM

ඔබ ආණ්ඩු මාරු උනා කියලා දැනගත්තේ එහෙම දැනුම් දීලා නේද?

:       22       5

පිටිගල මිලානෝSunday, 11 September 2022 08:42 AM

හෙට අනිද්දාට රජා මැරුනම යමරජ්ජුරුවන්ට අපි දන්වමු බඩු එනවා කියලා.

:       18       31

AB Saturday, 10 September 2022 10:21 PM

මී මැස්සන් පරාගණය සඳහා පරිපූර්ණ ලෙස අනුවර්තනය වී ඇති අතර, ශාක වර්ධනය වීමට, බෝ කිරීමට සහ ආහාර නිෂ්පාදනය කිරීමට උපකාරී වේ. ඔවුන් එසේ කරන්නේ පුෂ්ප ශාක අතර පරාග මාරු කිරීම සහ එමනිසා ජීවන චක්‍රය හැරවීමෙනි. මී මැස්සා පරිසරයට අත්‍යාවශ්‍ය සහ සමතුලිතතාවය රැකගැනීමට ක්‍රියාකරන සත්වයෙකි.

:       0       0

Nihal Saturday, 10 September 2022 10:21 PM

ඕක අපි කෙරුවා නම් මේ රටේ කොටසක් ඉන්නවා ගෝත්‍රික නවීන විද්‍යාවට නොගැලපෙන අන්ධයින් වගේ කියා රටේ ජනතාව පහත්කොට සලකන කලු සුද්දෝ කොටසක් ඉන්නවා... කතිර කට්ටිය..

:       0       1

වීරවිජෙ Saturday, 10 September 2022 11:08 PM

අපි නං මෙහෙ රජා මලාම මී හරක්ට දැනුම් දෙනවා. දැං රජාලා 4-5ක් ම ඉන්නවා පෝලිමෙ ගොක්කොල ගැන ගැන. ඒ්ත් තාම බල තන්හාව අඩුවක් නැ. තොලොංජි වෙලා යන්නෙත් නෑ රටට වැඩක් වෙන්න.

:       17       36

lankasri Sunday, 11 September 2022 12:36 AM

මම නම් හිතුවේ අපේ රටේ විතරයි ගොන්, තකතීරු වැඩ කරන්නේ කියලා...!

:       0       1

වනරෝපා Sunday, 11 September 2022 01:00 AM

කාර්මික විප්ලවයේ රජාණෝද, ස්වභාව ධර්මයේ න්‍යායන් සමග ද ඒකාත්මික වෙලා...

:       0       1

ලංසා Sunday, 11 September 2022 01:01 AM

බලන් ගියාම එහෙත් ගොන් වැඩ තියෙනවානේ..?

:       0       1

Priyankara Sunday, 11 September 2022 03:26 AM

මළ සමයං...!

:       0       1

Nihal j Sunday, 11 September 2022 08:48 AM

මෙහෙ ඔහොම කලාම හෙන ගෝත්‍රිකයි

:       7       57

ලේක්කෝ ගලබඩSunday, 11 September 2022 10:29 AM

මේක අපි කළොත් සන්නස්ගල වෙනම වැඩසටහනක් කරයි.. අපේ ගෝත්‍රික බව ලෝකෙට පෙන්නන්න...!

:       0       1

උඩුගම්පොලSunday, 11 September 2022 12:49 PM

එහේ කලාම හෙනම රාජකීයයි. අපිට නම් තේරෙනව රාජකීය ගොන් වැඩක් කියල. ඒත් සුද්දගේ වාතයත් හරිම සුවඳයි කියල හිතන් ඉන්න සෙට් එක ටිපර් වෙන නිසා අපි ඉතින් සද්ද නැතුව ඉන්නව.

:       5       45

APerera Sunday, 11 September 2022 09:52 AM

මෙහෙ එහෙම දෙයක් වුණාම යම රජ්ජුරුවෙන් අපිට මැසේජ් එකක් එවනවා, ස්ථානයක් සූදානම් කරලයි තියෙන්නේ කියලා...

:       0       0

sampath Sunday, 11 September 2022 07:22 PM

මේ වගේ මිනිස්සු ඉන්න රටකට යන්නද පෝලිම්වල ඉන්නේ.. ඊට හොඳයි දඹානේ මිනිස්සු.. අපේ රටේ අවුරුද්දට කිරි ඉතිරෙන එකටත් අවලාද කියන්න. මහ පණ්ඩිතයින්ට මේවා ඇහෙනකොට මොනවා හිතෙනවා ඇතිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site