
(අංජුල මහික වීරරත්න)
දෙවන එළිසෙබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11)ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියේය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමුවී දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තැන්පත් කර ඇති විශේෂ සමරු සටහන් ග්‍රන්ථයේ ශෝක සටහනක් තැබූ රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එළිසබෙත් මහ රැජින දශක හතක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු සේවය ඇගයීමට ලක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd