සතොසෙන් අලෙවි කෙරෙන භාණ්ඩ වර්ග 7ක මිල පහළට සතොස මගින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර් ග හතක මිල අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇතැයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය. 09 September 2022
ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සමේ තීන්දුව කතානායකට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ’’ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දැනුම් දුන්නේය. 09 September 2022
මාළු ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් ගත් මාළු ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි. 09 September 2022
සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කරයි දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙි 09 September 2022
උදැල්ලකින් පහරදී තරුණයෙක් මැරූ හතක් අත්අඩංගුවේ ගොකරැල්ල ප්‍රදේශයේ දී 26 හැවිරිදි තරුණයෙකුට උදැල්ලකින්, තියුණු ආයුධ වලින් සහ පොලු වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි. 09 September 2022
අඩු ආදායම් ලාභීන්ට නිවාස ව්‍යාපෘති පහක් අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි . 09 September 2022
කැල්කියුලේටර් හිඟයෙන් දරුවන් 30,000කගේ අධ්‍යාපනය නවතී විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator )හිඟයෙන් දිවයින පුරා දරුවන් 30,000 ගේ උසස් අධ්‍යාපනය ඇනහිටින තත්වයක් උදාවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 09 September 2022
මැතිසබය කලින්ම නවතියි ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දිනට නියමිත කටයුතු නවතා පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා දක්වා කල් තබනු ලැබීය. 09 September 2022
75 වන නිදහස් උළෙල අඩු පිරිවැයකින් පවත්වන්නට තීරණය කරයි අඩු පිරිවැයකින් එහෙත් අභිමානවත් අයුරින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 09 September 2022
ජනාධිපති මහරැජිණ වෙනුවෙන් සොව පළ කරයි එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කර තිබෙි. 09 September 2022
මහ රැජින වෙනුවෙන් මැතිසබයේ ශෝකය බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කර පාර්ලිමේන්තුවේදී දී අද ශෝකය පළ කළහ. 09 September 2022
මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයයි. එපමණක් නොව, ලෝකයේ වැඩිම කාලයක් රජ කිරැළක් දැරුවේ ද ඇයයි. 09 September 2022
තියුණු අවි රැගෙන ආ පිරිසක් මහ දවල් අයියයි - නංගි කපා කොට දමයි දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටි කණ්ඩායමක් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 09 September 2022
දිසා කීපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 September 2022
අණ නොතකා ගිය ත්‍රිරෝද රියට පොලිසියෙන් වෙඩි තිස්සමහාරාම ජූල් පල්ලම පාලම අසල දී පොලිස් අණ නොතකා කතරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇත. 09 September 2022
මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි 1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබෙි. 09 September 2022
දෙවන එළිසබෙත් මහා රැජින ලොවට සමු දෙයි බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 08 September 2022
කෙසෙල්වත්තේ වෙඩි තැබිමකින් අයෙක් තුවාලයි කෙසෙල් වත්ත සාන්ත සෙබස්තියන් විදියේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 08 September 2022
හත් හැවිරිදි දැරියක ගල් පිරවූ කවරයකට දමා පතලකට විසිකරලා හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතල්කට දමා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 08 September 2022
අති විශාල ඇමති මණ්ඩලට සජබයේ විරෝධය අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය පළ කරනු ලැබීය. 08 September 2022
සිසුවිය දූෂණය කළැයි පෙම්වතා ඇතුළු පහක් අත්අඩංගුවට පාදුක්ක ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි . 08 September 2022
එලිසබත් රැජින අසනීපෙන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 08 September 2022
සමාජ ආරක්ෂණ බදු පනත වැඩි ඡන්ද 81 කින් සම්මතයි සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ(8) පස්වරුවේ සම්මත විය. 08 September 2022
රාජ්‍ය ඇමතිවරුන් රටට බරක් වෙන්න දෙන්නෙ නෑ අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් රටට බරක් නොවේ යැයි ඔවුන් සියලු දෙනා වැඩ කරන්නේ කිසිඳු වරප්රසාදයකින් තොරව යැයිද ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 September 2022
ළිං පතුළට වැටුණු අය ගොඩගනිද්දී තවත් අයෙක් එක්ක ආයෙත් වැටිලා රිදීමාලියද්ද කණුගොල්ල ගම්මානයේ පානීය ළිදක් කපා අද (8) දින ළිං වළලු සවිකරමින් සිටි පුද්ගලකු අඩි 35ක් පමණ ගැඹුරු හා අඩි හතරක් වට ප්‍රමාණ ළිදකට වැටී පස් ගල් වලින් වැසී සිරවී සිටියදි පැය පහක පමණ කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව මුදවාගෙන රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 08 September 2022
වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් පැනෙව්වෙි ඇයි? වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් නැවත පැනවීම මඟින් ජනතාවට වැඩි බදු බරක් පැටවෙන බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 08 September 2022
යල් පැන ගිය රජයේ ’’පොදු ආකෘති පත්‍ර’’වලට අලුත් හැඩයක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 08 September 2022
ජනතාව බදු බරින් තෙරපෙන විට ආණ්ඩුව ඇමතිවරුන්ට වරප්‍රසාද දෙනවා ජනතාව බදු බරින් තෙරපෙන විට ආණ්ඩුව ප්‍රමුඛතාව දී තිබෙන්නේ ඇමතිවරුන් ,රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට යැයි සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. 08 September 2022
අර්බුද විසඳෙන තුරු රාජ්‍ය ඇමතිවරු වෙිතන ගන්නෙ නෑ අර්බුද විසඳෙන තුරු වෙිතන නොමැතිව සේවය කිරීමට රාජ්‍ය ඇමතිවරුන් තීරණය කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 September 2022
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය විරෝධතාවයක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති වහා අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් පිටකොටුව බෝධිය අභියස දී අද පස්වරුවේ පැවැත්විණි. 08 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026