මරියුපෝල් සොල්දාදුවන්ට යටත් වෙන්න කියයි යුක්රේනයේ මරියුපෝල් නගරයේ සිටින යුක්රේන සොල්දාදුවන්ට තම ජීවිත බේරා ගැනීමට අවශ්‍ය නම්, වහා අවි බිම දමා යටත් වන්නැයි රුසියන් ආරක්ෂක අමත්‍යංශය පවසා තිබේ. 18 April 2022
ෂැංග්හායි නුවරින් පළමු කොරෝනා මරණ චීනයේ ෂැංග්හායි නුවර කොරෝනා වයිරසය අසාදනය වූ තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. චීන සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ෂැංග්හායි නුවරින් කොරෝනා මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 18 April 2022
දිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිලෙයි ඉන්දියාවේ දිල්ලි නගරයේ ජහන්ගීර්පූරි ප්‍රදේශයේ පසුගිය දා පැවැත්වුණු ‘හනුමාන් ජයන්ති’ හින්දු ආගමික උත්සවය අතරතුර හින්දු මුස්ලිම් ගැටුමක් හටගත් අතර, එය මේ වනවිට ඔඩුදිවීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 18 April 2022
යුක්රේන සංචාරයකට ඇරැයුම් යුක්රේනයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට ඇරැයුම් කර තිබේ. 18 April 2022
නැගෙනහිර යුක්රේනය රුසියාවට දෙන්නේ නෑ රුසියාවට මායිම්ව පිහිටි යුක්රේනයේ නැගෙනහිර පළාත් රුසියාවට අයිතිවීමට කිසිසේත් ඉඩ නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 18 April 2022
නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි තමන් නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බැලූ බවත්, එමගින් තම න්‍යෂ්ටික ශක්තිය තවත් තරකර ගැනීමට හැකිවුණු බවත් උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 18 April 2022
ශුද්ධෝත්තම පාප්තුමා යුක්රේනයට සාමය පතයි පාස්කු දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් යුක්රේනයට සාමය ප්‍රාර්ථනා කළේය. පසුගිය පෙබරවාරියේ සිට රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගනු ලබන හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන්, යුක්රේන සිවිල් වැසියන් මියයෑම, තුවාල ලැබීම සහ දේපොල හානිය පාප්තුමන්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් විය. 18 April 2022
පාකිස්තානයෙන් මිසයිල ප්‍රහාරයක් පාකිස්තාන හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් මියගිය බව ඇෆ්ගන් තලේබාන් රජය චෝදනා නගයි. 17 April 2022
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ, කොලොම්බියා නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් 14 දෙනෙක් තුවාල ලැබූහ. 17 April 2022
යුක්රේනයේ සැබෑ තත්ත්වය හංගනවා රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුක්රේන හමුදාවන්ට සිදු වූ හානි යුක්රේන රජය වසන් කරන බව රුසියාව චෝදනා කරයි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ පසුගිය පෙබරවාරියේය. 17 April 2022
දින 183 කින් ආපසු එති ’ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින්, දින 183 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට පැමිණියහ. 16 April 2022
තෙවැනි ලෝක යුද්ධය ඇරැඹුණා යුක්රේනයට පහර දීමට ගිය රුසියානු නාවික බලඇණියට අයත් ’මොස්ක්වා’ නමැති යුද නැව ප්‍රහාරයකට ලක් වී ගිලී යෑමත් සමඟ රුසියානු රජයේ පුවත් සේවා වාර්තා කරන්න වූයේ ’තෙවැනි ලෝක යුද්ධය’ ආරම්භ වී ඇති බවය. 15 April 2022
හැරී මෙගාන් රැජින බලන්න ගිහිල්ලා රාජකීය තනතුරු අතහැර, රාජකීය කටයුතුවලින් ද ඉවත් වී, ස්ථිර පදිංචිය සඳහා ඇමෙරිකාවට ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල්, නෙදර්ලන්තය බලා යන අතරතුරේ, මහා බ්‍රිතාන්‍යයට පැමිණ දෙවැනි එලිසබත් මහ රැජින මුහුණට මුහුණ හමුවූහ. 15 April 2022
කොරෝනා අවතක්සේරු කරන්න එපා ’කොවිඩ් 19’ කොරෝනා වයිරසය තවමත් ගෝලීය වසංගතයක් බැවින් එය කිසිසේත් අවතක්සේරු නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසින්ගෙන් ඉල්ලා සිටී. 15 April 2022
පුවත් නිවේදිකාවට සැප නවාතැනක් තෑගි පුවත් නිවේදිකාව ලෙස කටයුතු කරන රී චොන් හී ට සියලු පහසුකම්වලින් සමන්විත සුඛෝපබෝගී නවාතැනක් තෑගි කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත. 14 April 2022
ආලියාට රන්බීර්ට මංගල සීනු බොලිවුඩ් රිදී තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වූ ආලියා බාත් සහ රන්බීර් කපූර්ගේ මංගල උත්සවය අද (14) ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි. 14 April 2022
සාද දැම්මාට සමාව ඉල්ලයි 2020 වසරේ ’කොවිඩ් 19’ වසංගතය දරුණු ලෙස පවතිද්දී, සෞඛ්‍ය අංශ පැනැවූ ලොක්ඩවුන් තහංචි උල්ලංගනය කර, ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් වරදකරු වුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජනතාවගෙන් දැඩි ලෙස සමාව ඉල්ලා සිටියේය. 13 April 2022
මෙයා අරන් අපේ අය නිදහස් කරන්න! තම අත්අඩංගුවේ පසුවන රුසියන් හිතවාදිවකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ලෙස ද සැලකෙන දේශපාලනඥ වික්තර් මෙද්වේචොක් බාරගෙන, රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි යුක්රේන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ. 13 April 2022
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 12 April 2022
කසක්ස්තානයට යන්න පාප්තුමා සූදානම් කසක්ස්තානයේ සංචාරයකට ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සූදානම් බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 12 April 2022
කාශ්මීර් අර්බුදයට විසදුම් ඕනෑ පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ ඉන්දියාව සමඟ යහපත් සබඳතා පවත්වන්නේ කාශ්මීර අර්බුදය විසඳා ගැනීමට හැකි වුණොත් පමණක් බවය. 12 April 2022
ඉන්දියාව රුසියාවෙන් තෙල් ආනයනය වරදක් නොවේ යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවේ බලශක්ති අපනයනයට එරෙහිව දැඩි ලෙස සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් ආයනයන කිරීම එම සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව ධවල මන්දිරය පවසයි. 12 April 2022
කඩිනමින් මැතිවරණයක් ඕනෑ පාකිස්තානයේ 23 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් දිවුරුම් දෙද්දී ධුරයෙන් නෙරපා දැමුණු ඉම්රාන් ඛාන් කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය. 12 April 2022
බ්‍රිතාන්‍ය මුදල් ඇමැති බිරිදගේ අදායම් බදු විස්තර එළියට බ්‍රිතාන්‍ය මුදල් ඇමැති රිශී සුනාක් ගේ බිරිඳ අක්ෂාටා මුර්ති ගේ අදායම් බදු විස්තර බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් එරට ජනතාවට අනාවරණය කර තිබේ. 11 April 2022
ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන අගමැති ධුරයට ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු පුරප්පාඩු වූ අගමැති ධුරය සඳහා ඉල්ලුම් කිරීමට විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පියවර ගෙන තිබේ. ෂෙහ්බාස් ෂරීෆ් ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයාය. 11 April 2022
මැක්රොන්-ලා පෙන් ඉදිරියෙන් ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය ඊයේ (10) පැවැත්වුණු අතර අපේක්ෂකයන් 12 දෙනකු ඊට ඉදිරිපත් විය. 11 April 2022
මහ මැතිවරණයකට ඕස්ට්‍රේලියාව සූදානම් ඕස්ට්‍රේලියා මහ මැතිවරණය ලබන මැයි 21 වැනිදා පැවැත්වීමට එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබේ. 11 April 2022
විශ්වාසභංගය පැරැදුණු සැණින් ගිහිල්ලා විශ්වාසභංගයෙන් පරාජය වූ සැණින්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය කාර්යාලය සහ නිල නිවස බාර දී පිටවී ගියේ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. 10 April 2022
මැක්රොන්ට අභියෝග රැසක් ප්‍රංශ ජනාධිපතිවරණය ඇරැඹිණි. ප්‍රංශ ජනාධිපතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර, අද (10) ආරම්භ වූයේ පළමු අදියරය. දෙවැනි අදියර පැවැත්වෙනු ඇත්තේ ලබන 24 වැනිදාය. 10 April 2022
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයේ සංචාරයක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. 10 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026