
ඇරැයුමක් ලැබුණොත් උතුරු කොරියාවට යෑමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමා පවසා ඇත. පාප්තුමන් මෙසේ පවසා ඇත්තේ දකුණු කොරියානු කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘ඔවුන් මට ඇරැයුම් කළොත්, මා එසැණින් උතුරු කොරියාවට යන්න සූදානම්. ඒත් ඔවුන් මට ඇරැයුම් කරාවි යැයි සිතන්නේ නැහැ’ යැයි පාප්තුමන් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
බටහිර සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටී. උතුරු කොරියාවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සම්බාධක පැනැවීම් කර ඇත්තේ උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති මූන් ජේ ඉන්, කතෝලික බැතිමතෙකි. ඔහු ජනාධිපති ධුරයේ සිටිද්දී අවස්ථා කීපයකදී පැවැසුවේ, පාප්තුමන් උතුරු කොරියාවට පැමිණියහොත්, එය කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීමට හේතුවක් වනු ඇති බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd