ඇරැයුමක් ලැබුණොත් උතුරු කොරියාවට යෑමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමා පවසා ඇත. පාප්තුමන් මෙසේ පවසා ඇත්තේ දකුණු කොරියානු කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘ඔවුන් මට ඇරැයුම් කළොත්, මා එසැණින් උතුරු කොරියාවට යන්න සූදානම්. ඒත් ඔවුන් මට ඇරැයුම් කරාවි යැයි සිතන්නේ නැහැ’ යැයි පාප්තුමන් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
බටහිර සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටී. උතුරු කොරියාවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සම්බාධක පැනැවීම් කර ඇත්තේ උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති මූන් ජේ ඉන්, කතෝලික බැතිමතෙකි. ඔහු ජනාධිපති ධුරයේ සිටිද්දී අවස්ථා කීපයකදී පැවැසුවේ, පාප්තුමන් උතුරු කොරියාවට පැමිණියහොත්, එය කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීමට හේතුවක් වනු ඇති බවය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උතුරු කොරියාවට යනවා ෆ්‍රැන්සිස් පාප්තුමෝ කියති