
යුක්රේනයේ නිදහස් දිනය නිමිත්තෙන් අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ නිකුත් කළ සුබ පැතුම ‘විහිළුවක්’ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
අද වෙනම රටවල් බවට පත් වුවත්, යුක්රේනය මෙන්ම බෙලරූසය ද අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය. යුක්රේනය නිදහස් දිනය ලෙස සමරන්නේ 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමය.
යුක්රේනය රුසියන් විරෝධී රාජ්‍යයක් වන අතර බෙලරූසය රුසියන් හිතවාදී රාජ්‍යයකි. දීර්ඝ කාලයක් බෙලරූසයේ ජනාධිපති ධුරය හොබවන ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ, රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතමයෙකි. බටහිර රටවල් ලුකෂෙන්කෝ හඳුන්වන්නේ පුටින්ගේ රූකඩයක් ලෙසය.
රුසියන් ජනාධිපති පුටින් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගනිද්දී, ඔහුට ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝගේ සහාය හිමිවිය.
රුසියන් හමුදා බෙලරූසයේ සිට දේශසීමා හරහා යුක්රේනයට ඇතුළු විය. එහෙයින්, රුසියාව මෙන්ම බෙලරූසය ද තමන්ගේ සතුරකු බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී චෝදනා නගයි. ලුකෂෙන්කෝගේ සුබ පැතුම් පණිවුඩය ‘විහිළුවක්’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පවසන්නේ මේ නිසාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙලරූස් ජනපතිගේ සුබ පැතුම විහිළුවක්