ඉම්රාන්ට ධුරය අහිමි වෙයි විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමුණි. 10 April 2022
ඉම්රාන්ට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසුම අද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම අද (9) උදෑසන 10 ට පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසුම පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවය. 09 April 2022
ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය හෙට ප්‍රංශ ජනාධිපතිවරණය හෙට (10) ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදියර දෙකකිනි. දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය. 09 April 2022
උඩු ගුවනට පෞද්ගලික ගගන සංචාරයක් අභ්‍යවකාශ නැවැතුම්පොළට වෙත, පළමු පෞද්ගලික ගගන සංචාරය ආරම්භ විය. ඒ, ’ඇක්සිමොස්’ අභ්‍යවකාශ සමාගමේ මැදිහත් වීමෙනි. 09 April 2022
රුසියන් ප්‍රහාරයෙන් යුක්රේනයේ 35 ක් මරුට යුක්රේනයේ ක්‍රමාටොර්ස්ක් නගරයට රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් යුක්රේන සිවිල් වැසියන් 35 දෙනකු මියගිය බවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් බටහිර මාධ්‍ය වාර්තා කළේය. 08 April 2022
කතා නායිකා නැන්සි පෙලෝසිට කොවිඩ් ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව පැවැසෙයි. 08 April 2022
ඉම්රාන්ට එරෙහි ඡන්ද විමසුම යළිත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම හෙට (9) උදෑසන 10 ට පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසුම පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවය. 08 April 2022
යුක්රේන යුද්ධයේදී දැඩි හානි සිදුවුණා රුසියන් හමුදාවට ප්‍රබල ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට යුක්රේන හමුදා සමත් වී සිටින බවත්, යුක්රේන හමුදාව එල්ල කරන ප්රතිප්රහාරවලින් මේවනවිට රුසියන් සොල්දාදුවන් 1,351 දෙනකු මියගොස් 3,825 දෙනකු තුවාල ලබා ඇති බවත් රුසියාව පවසයි. 08 April 2022
‘ඔමික්‍රෝන්’ වැලඳුනොත් දින 3 න් සුවවෙනවා ‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් අයට, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය ආසාදනය වුවහොත්, වයිරසය සිරුරේ රැඳී පවතිනු ඇත්තේ දින 3 ක් වැනි කෙටි කාලයකට පමණක් යැයි ප්‍රංශ වෛද්‍යවරු පවසති. 08 April 2022
මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපන්න සූදානමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි. 08 April 2022
සෙලෙන්ස්කී චීන ජනපති හමුවන්න සැරැසෙයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි. 07 April 2022
නේටෝව සමඟ එක්වන්න කැමැත්තෙන් යුක්රේන අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම ආරක්ෂාව වෙනුවෙන්, නේටෝ සාමාජිකයන් බවට පත් වීමට කොසෝවෝ, බොස්නියා සහ හර්සෙගෝවීනා යන බටහිර බෝල්කන් රටවල් කැමැත්ත පළ කර තිබේ. 07 April 2022
න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකට සැරැසෙනවා උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකට සූදානම් වෙනවා යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට, උතුරු කොරියාව ලබන සතියේ අප්‍රේල් 15 වැනිදා මෙම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදු කරනු ඇත. 07 April 2022
පුටින්ගේ දියණියන්ට හිටපු බිරිඳට සම්බාධක යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනාටත්, පුටින්ගේ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 07 April 2022
අල් කයිඩා නායකයාගෙන් තර්ජනයක් අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී වීඩියෝ පණිවුඩයක් හරහා ඉන්දියාවට අනතුරු අඟවා තිබේ. අල් කයිඩා නායකයා ඉන්දියාවට අනතුරු ඇඟවූයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පාසලක බාලිකාවන්ගේ හිජාබය තහනම් කිරීමට එම ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් බලධාරීන් පියවර ගෙන ඇති බැවිනි. 06 April 2022
පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රට පනී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 06 April 2022
චීනයේ දෛනික ආසාදිතයන් 20,000 ක් චීනයේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 20,000 ක් බවත්, ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීනයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ගණන මෙය බවත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 06 April 2022
සාම සාකච්ඡා කඩාකප්පල් කරන්න හදනවා බටහිර රාජ්‍යයන් යුක්රේන සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමට උත්සහ දරණ බව රුසියාව චෝදනා කරයි. යුක්රේනය විසින් ප්‍රථම වතාවට නිල වශයෙන් තම කොන්දේසි සාම සාකච්ඡා මේසයට ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටියදී යුක්රේනයේ බුචා නගරයේ රුසියානු හමුදා සමූල ඝාතන සිදු කළා යැයි කියමින් බටහිර රාජ්‍යයන් උසිගැන්වීම් සිදු කරන බව රුසියාව චෝදනා කරයි. 06 April 2022
යුක්රේන ජනපති ආරක්ෂක කවුන්සිලය අමතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, අද (5) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමැතීමට සූදානම් වෙයි. 05 April 2022
යුක්රේන බිලිඳුන්ට මිසයිලවල නම් යුද ගැටුම් මැද උපත ලැබූ යුක්රේන බිලිඳන් දෙදෙනකුට බ්‍රිතාන්‍යයෙන් යුක්රේන හමුදාවට ලැබුණු යැවෙලින් ගුවන් යානා නාශක මිසයිලවල ඇසුරින් නම් තබා ඇතැයි යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. 05 April 2022
මා ඇමෙරිකන් හෝ ඉන්දීය විරෝධියෙක් නොවෙයි තමන් ඉන්දීය හෝ ඇමෙරිකන් විරෝධියකු නොවන බවත්, ලොව සෑම රටක් සමඟම සහයෝගයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන රාජ්‍ය නායකයකු බවත් දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. 05 April 2022
නව විකෘති චීනය කලඹයි ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇති බව පැවැසෙයි. 05 April 2022
භාරකාර අගමැති ධුරය හිටපු අගවිනිසුරුට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (4) නව භාරකාර රජයේ අගමැති ලෙස හිටපු අග විනිසුරු ගුල්සර් අහමඩ් ගේ නම යෝජනා කළේය. 05 April 2022
පාකිස්තාන දේශපාලනය අවුල් ජාලයක් පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුව, මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු, භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ධුරයේ රැඳී සිටිනු ඇතැයි පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව් පවසයි. 04 April 2022
හංගේරියානු අගමැතිට ජය හංගේරියානු මහ මැතිවරණය පැවැත්වුණු අතර, තව දුරටත් බලයේ රැදී සිටීමට, ජාතිකවාදී අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සමත් විය. 04 April 2022
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැක්රමැන්ටෝ අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 12 දෙනෙක් තැවාල ලැබූහ. 04 April 2022
කීව් පළාත යළිත් යුක්රේන හමුදා අතට යුක්රේනයේ කීව් අගනුවර අයත් කීව් පළාත සම්පූර්ණයෙන් යළි තම ග්‍රහණයේ පසුවන බවත් රුසියන් හමුදා පසුබැසීම ආරම්භ කර ඇති බවත් යුක්රේන රජය පැවැසීය. 03 April 2022
බ්‍රිතාන්‍යයෙන් නව විකෘතියක් හමුවෙලා ඔමික්‍රොන් විකෘතියේ උප ප්‍රභේද වන ’බී.ඒ.1’ සහ ’බී.ඒ.2’ සංයෝජනය වීමෙන් නිර්මාණය වූ තවත් බිහිසුණු ’කොවිඩ් 19’ විකෘතියක් ගැන මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ ’එක්ස්.ඊ’ යනුවෙනි. 03 April 2022
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය. 03 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026